මැගසින් බන්ධනාගාරයේ සිර දඬුවම් විදින “තරාලේ මංජු” නැමැත්තාගේ බිරිඳ බන්ධනාගාරය ඉදිරිපිටදී ඝාතනය කිරීමට පැමිණ සිටි යැයි කියන පුද්ගලයින් පස් ...
මැගසින් බන්ධනාගාරයේ සිර දඬුවම් විදින “තරාලේ මංජු” නැමැත්තාගේ බිරිඳ බන්ධනාගාරය ඉදිරිපිටදී ඝාතනය කිරීමට පැමිණ සිටි යැයි කියන පුද්ගලයින් පස් දෙනෙකු විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ කණ්ඩායමක් විසින් පසුගියදා දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දැනට බන්ධනාගාරගතව සිටින “ගොත අසංක” නැමැත්තාගේ කල්ලියේ සාමාජිකයන් බවත්, “ගොත අසංක” නැමැත්තා බන්ධනාගාරයේ සිට මෙම ඝාතන සැලැස්ම මෙහෙයවා ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙකු පවසා ඇත.
තරාලේ මංජු නැමැති තැනැත්තා බැලීම සඳහා බන්ධනාගාරයට යන ඔහුගේ බිරිඳ ඝාතනය කිරිමට කිසියම් පිරිසක් සූදානමින් සිටින බවට විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයට ලැබුණු තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් මැගසින් බන්ධනාගාරය ඉදිරිපිට ආවේක්ෂණ රාජකාරියේ නිරත වී ඇත.
මැගසින් බන්ධනාගාරය ඉදිරිපිට බස්නැවතුම්පොළ ඉදිරියේදී යතුරුපැදියක රැඳී සිටි පුද්ගලයෙකු නිතරම ඇමතුම් ලබා ගන්නා අන්දම එහි සිටි නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇති අතර පසුව මැගසින් බන්ධනාගාරය දෙස සිට එම යතුරුපැදිය අසලට පැමිණි තවත් පුද්ගලයෙකු “බඩු ඇවිත් තියෙනවා. ආයුද තාම නැහැ.” යනුවෙන් ඉහත පුද්ගලයාට දැනුම් දුන් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
COMMENTS