"ශ්රී ලංගම බස් රථ වලටත් බාහිර වාහන වලටත් ඉන්ධන අලෙවි කිරීම තුළින් විශාල ආදායමක් ශී‍්‍ර ලංගමයට උපයා ගැනීමට එ් තුළින් අවස්ථාව උදාවෙන...
"ශ්රී ලංගම බස් රථ වලටත් බාහිර වාහන වලටත් ඉන්ධන අලෙවි කිරීම තුළින් විශාල ආදායමක් ශී‍්‍ර ලංගමයට උපයා ගැනීමට එ් තුළින් අවස්ථාව උදාවෙනවා. නමුත් එම යෝජනාවට මෙතෙක් කිසිදු යහපත් ප‍්‍රතිචාරයක් දක්වා නැහැ. එම යෝජනාව ඉටු කිරීමට කටයුතු කළේ නම් ශී‍්‍ර ලංගමයට බහුජාතික (IOC) සමාගමින් ඉන්ධන ලබා ගැනීමට කැබිනට් පත‍්‍රීකාවක් ඉදිරිපත් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ."
"1978 වසරේදී ශ‍්‍රී ලංගමය විනාශ කිරීම සඳහා පෞද්ගලික බස්රථ ව්‍යාපාරිකයින්ට මගී ප‍්‍රවාහනය කිරීම සඳහා අයිතිය ලබාදුන්නා සේම 2003 වසරේදී තෙල් සංස්ථාව විනාශ කිරීම සඳහා තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම් හල් 100ක් මෙම බහු ජාතික සමාගමට විකුණා දැම්මා. එම ඉන්ධන පිරවුම් හල් 100 ප‍්‍රමාණය මෙවන විට නොයෙකුත් කූට උපක‍්‍රම යොදා 130 දක්වා වර්ධනය කරගෙන තිබෙනවා. එම ක්‍රියාවලිය නිවැරදි කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ ආණ්ඩුවටවත්, වර්තමාන ආණ්ඩුවටවත් හැකිවී නැහැ."
කෙසේ වෙතත් කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පමණක් නොව තෙල් සංස්ථාවද අනතුරට ලක්වීම වැළැක්විය නොහැකි බවයි සමස්ථ ලංකා ප‍්‍රවාහන සේවක සංගමය වැඩිදුරටත් අවධාරණය කරන්නේ.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS