ගුරු වෘත්තිය සමිතිකිහිපයක් විසින් අද දින (04) ලෙඩ නිවාඩු දමමින් ආරම්භ කර ඇති වැඩ වර්ජනයට වතුකරයේ කිසිදු ගුරු වෘත්තිය සමිතියක් සහයෝගය නොදැ...
ගුරු වෘත්තිය සමිතිකිහිපයක් විසින් අද දින (04) ලෙඩ නිවාඩු දමමින් ආරම්භ කර ඇති වැඩ වර්ජනයට වතුකරයේ කිසිදු ගුරු වෘත්තිය සමිතියක් සහයෝගය නොදැක්වු බව අධ්‍යාපන සමාජ සම්මේලනයේ ලේකම් සංකර මණිවන්නන් මහතා පැවසිය.
වතුකරයේ සියළුම පාසල් අද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවත්, කිසිදු ගුරුවරුයෙකු එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සහයෝගය නොදැක්වු බවත් සංකර් මණිවන්නන් මහතා කියා සිටියේය.
ලංකා ගුරු සේවා සංගමය විසින් මෙම වෘත්තිය සමති ක්‍රියාමාර්ගයට සහයෝගය දක්වන ලෙස වතුකරයේ කිසිදු ගුරු සංගමයකින් ඉල්ලිම් නොකර බවත්, වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තුලින් ඉල්ලි සිටින ඉල්ලිම් සාධාරණ වුවත්, සියළුම වෘත්තිය සමිති එක් කර ගැනිමින් මෙම වාත්තිය සමිති ක්‍රියාමාර්ගය සිදුකල යුතු බව සංකර් මණිවන්නන් මහතා වැඩි දුරටත් කියා සිටියේය.
විදුහල්පති සේවයට, ගුරු අධ්‍යාපනඥ සේවයට හා අධ්‍යාපන පරිපාලන සේවයට දේශපාලන හිතවතුන් බඳවා ගැනීමට විරෝධය දක්වමින් අධ්‍යාපනයට සම්බන්ධ වෘත්තීය සමිති පවත්වන වැඩවර්ජනයක් හේතුවෙන් අද (04) දිනයේදී පාසල් බොහෝමයක කටයුතු අඩපණ වී ඇති බව වාර්තා වෙයි.
පාසල් සිසුන් පාසලට පැමිණියද ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුගේ පැමිණීමේ අඩුවක් පවතින බවද වාර්තා වෙයි. විදුහල්පතිවරුන්, ගුරුවරුන්, අධ්‍යාපන පරිපාලන සේවයට සම්බන්ධ නිලධාරින් ඇතුළු පිරිසක් මෙම වැඩවර්ජනයට එක්ව සිටියි.
අධ්‍යාපන අමාත්‍යංශය විසින් සිදුකිරීමට සූදානම් වන දේශපාලන පළිගැනීමට ලක්වූවන්ට නැවත පත්වීම් ලබාදීමේ වැඩපිළිවෙල නවතා නොදමන්නේනම් හෙට පාසැල් ගුරුවරු ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්න්ධ ආයතන වල කාර්යමණ්ඩල අසනීප නිවාඩු දැමීමට තීරණය කර තිබේ.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලින් මහතා සඳහන් කළේ අද (04) අසනීප නිවාඩු දැමීමේ ක්‍රියාමාර්ගය ස්ථිරව ක්‍රියාත්මක කරන බවයි.
දේශපාලන පළිගැනීම් වලට ලක්වූවන්ට නැවත පත්වීම් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යවරයා ගෙන ඇති තීරණය ඔහු විසින් අවලංගු නොකරන්නේ නම් අද දිනයේදී අනිවාර්යයයෙන් තමන් වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරතවන බව අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව පවසයි.
එමෙන්ම අධ්‍යාපන අමාත්‍යවරයා විසින් වෘත්තීය සංගම්වලට සිදු කරනු ලබන චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බවද අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින් වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ නමුත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ දේශපාලන පළිගැනීමට ලක්වූවන්ට සාධාරණය ඉටු කිරීම වෙනුවෙන් ගෙන ඇති වැඩ පිළිවෙල කඩාකප්පල් කිරීමට වෘත්තීය සංගම් කටයුතු කරමින් සිටින බවයි.
ගුරු හා විදුහල්පති සේවය ඇතුළු අධ්‍යපන සේවාවන් වෙනුවෙන් වන දේශපාලන පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් වන ගැටළුවට විසදුම් ඉල්ලා අධ්‍යාපන සේවා වෘත්තිය සමිති අද (04) වැඩ වර්ජනයක් කැඳවා තිබුණද වව්නියාව ප්‍රදේශයේ පාසල් වෙත දරුවන් පැමිණි බව වාර්තා වේ. පාසල් දරුවන්ගේ දෙමාපියන් පැවසූවේ ගුරුවරුන් නිවාඩු දමා පාසල් නොපවත්වන බවට ආරංචියක් පැතිර ගියත් දරුවන් පාසල් වෙත යොමු කළ බවයි.
දරුවන් පාසල් වෙත යොමු කළද ගුරුවරුන්ගේ පැමිණීමේ අඩුවක් පවතින බවද දෙමාපියන් පැවසූහ.
COMMENTS