දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පුටින්ගේ නිවාඩුව
Homeප්‍රවෘත්ති

පුටින්ගේ නිවාඩුව

PropellerAds

ඔහු තමන්ට ධවල මන්දිරයේ පැවරී තිබූ කුදු මහත් වැඩ කටයුතු නිසා වෙහෙසට පත්ව සිටියෙන් නිවාඩු ගැනීමට සිතුවා විය යුතුය. ඒ වෙහෙසකාරී රාජකාරි අතර ...

හිරගෙවල් 7ක දැම්මත් විමල්ගේ කට වහන්න බෑ (VIDEO)
ඩ්‍රෝන යානා ගැන රජයෙන් විශේෂ නිවේදනයක්
අගේ ඉදන් කණ කන අයත් මේ ආණ්ඩුවෙත් - රංගේ බණ්ඩාර
පුටින්ගේ නිවාඩුව

ඔහු තමන්ට ධවල මන්දිරයේ පැවරී තිබූ කුදු මහත් වැඩ කටයුතු නිසා වෙහෙසට පත්ව සිටියෙන් නිවාඩු ගැනීමට සිතුවා විය යුතුය. ඒ වෙහෙසකාරී රාජකාරි අතර ඉදිරියෙන්ම තිබුණේ රුසියානු පළහිලව්වයි. 2016 ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අස්සේ රුසියාව සමග ඩීල් දැමූ බවටත්, ඇමරිකාවේ රාජ්‍ය රහස් කිසි පරිස්සමක් නැතිව රුසියාවට හෙළි කළ බවටත්, පුටින්ට පමණට වඩා ළං වූ බවටත් ඔහුට නැගී ඇති චෝදනාව සුළුපටු නොවේ. ඒ සම්බන්ධයෙන් වෙනම ෆෙඩරල් පරීක්ෂණයක් පවා මේ මොහොතේ පැවැත්වෙයි. කෙසේ නමුත් මේ වන විට වාර්තා වන්නේ ට්‍රම්ප් නිවාඩු යන විට පුටින් ද නිවාඩු ගොස් තිබෙන බවයි.

පුටින් කොහාමටත් ‘බොඩි බිල්ඩින් කොල්ලෙකි’. තවද ජූඩෝ ක්‍රීඩකයෙකි. කේජීබී රහස් ඔත්තුකරුවෙක් මෙන් රාජ්‍ය සේවයට මුලින්ම බැඳුණු කාලයේ පටන් ඔහු ශරීර සුවතාවය ගැන හද පත්ලෙන්ම උනන්දු ය. දැන් ඔහු නැවතත් උඩුකය නිරුවතින් සයිබීරියාවේ හිමමිදුණු විල්වල කිමිදෙමින් මාළු අල්ලමින් සිටියි. කඳු නැගීම සහ කයැක් ඔරුපැදීම ද ඔහු ජයටම කරයි. ක්‍රෙම්ලිනය ඒ බව සනාථ කරමින් මාධ්‍ය වෙත නිකුත් කළ අලුත්ම ඡායාරූප කිහිපයක් මේ සමග පළ වේ.

මේ එක් ඡායාරූපයක පුටින් කැළෑ රොදකට වැදී හතු ගළවමින් සිටින්නේ ආරක්ෂක ඇමති සෙර්ගෙයි ෂොයිගු සමගය. ඊට අමතරව පුටින් ‘තුමූම බෝට්ටු පැද්දේය’. ඉර රැස් නෑවේය. මාළු බෑවේය. පරිසරයේ වර්ණය අනුව පාට වෙනස් කරන කිමිදුම් කට්ටලයක් ඇඳගෙන විල් පත්ලක කිමිදුණේය.

පුටින්ගේ ‘වැකේෂන් ෆොටෝ’ ක්‍රෙම්ලිනය විසින් මාධ්‍ය වෙත නිකුත් කළ පළමු අවස්ථාව මෙය නොවේ. එවැනි ඡායාරූප එක් කර මුද්‍රණය කළ කැලැන්ඩරයක් පවා ක්‍රෙම්ලිනයේ තිබේ. එයින් එකක දැක්වෙන්නේ පුටින් පූස් පැටවුන් වඩාගෙන සිටිනා ආකාරයයි. තවත් පින්තූරයක ඔහු තෙත ඇඳුමක් ඇඳගෙන සිටින ආකාරයත්, අසෙකු පිට යන අන්දමත්, හැතැක්ම පහක් දුර කඳු නැගීමෙන් අනතුරුව ගසක් යට ගිමන් හරින ආකාරයත් දැක්වෙයි. 2012 වසරේ පුටින් කොක්කුන්ට පාර පෙන්වන්නට කෘත්‍රිම “කොක් යානයක” නැගී සයිබීරියාව හරහා පියාසර කළ ආකාරය ඔබට මතක ඇතැයි සිතමු. එවර ඔහු කියා තිබුණේ තමන්ගේ ග්ලයිඩරය සැර සුළංවල බලපෑමට හසු නොවුණා නම් සංක්‍රමණික පක්ෂීන්ගේ මාර්ගය දිගේ ඉන්දියාවට හෝ ඉරානයට වුණත් යන්නට තමන් ලැහැස්ති පිට සිටි බව ය. තවද එම වඳ වී යාමේ තර්ජනයට ලක් වී සිටි අලංකාර පක්ෂීන් ගැන මාධ්‍යවේදීන් ඔහුගේ අදහස ඇසූ විට ඔහු පිළිතුරු දුන්නේ ‘ලස්සන කොල්ලො ටිකක්’ (pretty lads) කියා ය. පුටින් අන්න එහෙම කෙනෙකි!

කෙසේ නමුත් ට්‍රම්ප් සහ පුටින් යන දෙදෙනාම මේ වන විට භූ දේශපාලන සිතියම තුළ එකම තැනක පන්දු කෙළිමින් සිටින්නෝය. එකම වෙනස ලෝක බලවතා වන්නට පුටින් මොළයෙන් පන්දුව දමන විට ට්‍රම්පා ‘ග්‍රේට් ඇමරිකා-ග්‍රේට් ඇමරිකා’ යනුවෙන් බොරුවට මර හඬ තළමින් පන්දුව අල්ලන්නට මෙලෝ හසරක් නැතිව දුව යාමයි.

ලෝකය සද්භාවයෙන් විශ්වාස කරනා අන්දමට, ට්‍රම්ප් ගොල්ෆ් ගහන ඇමරිකාවේ නිව් ජර්සි ජනපදය සහ පුටින් මාළු අල්ලන රුසියාවේ ඈත සයිබීරියාව පිහිටා තිබෙන්නේ ලෝක ගෝලයේ දෙපැත්තේ ය. ඒ අනුව මේ මොහොතේ දෙන්නා දෙකොනක සිට හෙවත් ‘කෙළිමින්’ හෙවත් ක්‍රීඩා කරමින් සිටින්නෝය. නමුත් මේ දෙදෙනාගෙන් එකෙක්වත් විශ්වාස කරන්නට බැරි ය. මේ දෙදෙනාම වමට සිග්නල් දමා දකුණට හරවන අය ය. අනෙක, ට්‍රම්ප්ට රුසියාව ගෙදර මෙන්ම හුරුපුරුදු ය. බොරු නම් පුටින්ගෙන් අහන්න! නැතිනම් 2013 වසරේ මිස් යුනිවර්ස් තරගයේදී ට්‍රම්ප් ළඟින්ම සිටි රුසියාවේ රූප සුන්දරියන්ගෙන් අහන්න!!

පාන්දර දෙකට තුනට අවදි වී නිදි කලන්තයෙන් ට්විට් කිරීම ට්‍රම්ප්ගේ සුපුරුදු සිරිතයි. කොහොම වුණත් දැනට පවතින තත්වය අනුව ට්‍රම්ප්, ඉදිරි දින 14 ඇතුළත යම් දිනෙක,ඵළිවෙන ජාමෙට මෙවැනි ට්වීටයක් කර තිබුණොත් පුදුම නොවන්න. “ග්‍රීටින්ස් ෆ්‍රොම් රෂියා..(රුසියාවේ සිට සුබපැතුම්) ”!!! “Greetings from Russia” !!!

-ක්‍රිෂාන්ති රාජපක්ෂ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පුටින්ගේ නිවාඩුව
පුටින්ගේ නිවාඩුව
http://ift.tt/2wyjBw5
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_390.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_390.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy