වසර පහක පමණ කාලය තුළ ජල ගාස්තු සංශෝධනයක් සිදුව නොමැති බව පෙන්වා දුන් ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා ප්‍රකාශ කළේ ඉදිරියේදී ජල ගාස...
වසර පහක පමණ කාලය තුළ ජල ගාස්තු සංශෝධනයක් සිදුව නොමැති බව පෙන්වා දුන් ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා ප්‍රකාශ කළේ ඉදිරියේදී ජල ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට නියමිත බවයි. ජල ගාස්තු සංශෝධනය වසර තුනකට වරක් සිදු කල යුතුව තිබුණත් නව රජය බලයට පත් වු පසු ගාස්තු සංශෝධනයක් සිදුකර නොමැත. රටේ බහුතර ජනතාවක් නියගයෙන් පීඩාවිඳීම නිසා මේ අවස්ථාවේ ජල ගාස්තු සංශෝධනය ප්‍රමාද කරන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබෙන බවද අමාත්‍යවරයා කීය.
සාමාන්‍යයෙන් ජලය ඝන මීටරයක් පිරිපහදු කිරීම සඳහා රජය රුපියල් 47 ක මුදලක් වැය කරන අතර එහෙත් පාරිභෝගිකයන්ගෙන් අය කරන්නේ ඝන මීටරයක් සඳහා රුපියල් 12 ක පමණ මුදලකි. රටේ අඩකට වඩා පිරිසකට නල ජල පහසුකම් නොමැති බවත් නව ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නම් රටේ සංවර්ධනය වෙනුවෙන් ජල ගාස්තු සංශෝධනයක් කරන බවත් ජනතාව තේරුම් ගත යුතු බවයි අමාත්‍යවරයා පවසන්නේ.
මෙම අවස්ථාවට ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා, රාජ්‍ය ව්‍යවසාය කටයුතු පිලිබඳ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මාතර ඉඳුනිල් කැළුම් ජයවීර
COMMENTS