ඉදිකිරීමට නියමිත කෙරවලපිටිය සංයුක්ත චක්‍ර විදුලි බලාගාරයේ ටෙන්ඩරය ඒ සදහා අවම මිල ඉදිරිපත්කර ඇති ශ්‍රී ලාංකීය සමාගමට ලබා නොදී චීන සමාගමක්...
ඉදිකිරීමට නියමිත කෙරවලපිටිය සංයුක්ත චක්‍ර විදුලි බලාගාරයේ ටෙන්ඩරය ඒ සදහා අවම මිල ඉදිරිපත්කර ඇති ශ්‍රී ලාංකීය සමාගමට ලබා නොදී චීන සමාගමක් වෙත පැවරීම සදහා කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ පාරිදෘෂ්‍යභාවය සහ විවෘතභාවය පිළිබඳව බරපතළ ගැටලු ඇතිකරන බව ජර්මානු තානාපති ජෝන් රොඩ් මහතා ප්‍රකාශ කර ඇත.
දේශීය සමාගම විසින් මෙගාවොට් 300ක ධාරිතාවයකින් යුතු එම බලාගාරය ඉදිකිරීමේදී ජර්මානු තාක්ෂණය භාවිත කිරීමට නියමිතව තිබුණු අතර තාක්ෂණික ඇගයීම් කමිටුව සහ කැබිනට් අනුමත ප්‍රසම්පාදන කමිටුව එම සැලසුම අනුමත කරන ලදි.
විදුලි ඒකකයක් සඳහා දේශිය සමාගම ඉදිරිපත් කල මිලත් චීන සමාගම ඉදිරිපත් කල මිලත් අතර වෙනස සළකා බැලූ විට ඉන් රටට සිදුවන පාඩුව රුපියල් බිලියන 50ක් ඉක්මවනු ඇතැයි බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයෝ තහවුරු කර ඇත.
නමුත් විදුලි බල අමාත්‍යංශයේ ලේකම් ආචාර්‍ය සුරේන් බටගොඩගේ මැදිහත්වීම මත මෙම බලාගාරය ඉදිකිරීමේ ටෙන්ඩරය චීන සමාගමකට පැවරීමට ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය තීරණය කරන ලදි. හදිසියේම සිදුවූ මෙම වෙනස්කම පසුපස රුපියල් මිලියන ගණනක කොමිස් මුදල් හුවමාරුවක්ද සිදුවී ඇතැයි අනාවරණය වී තිබේ.
පසුගියවර කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම ටෙන්ඩරය චීනයට ලබාදීමේ තීරණයට අමාත්‍යවරුන් රැසක් විරුද්ධත්වය පළ කිරීම නිසා එය ජාතික ප්‍රසම්පාදන කොමිසම වෙත යොමුකල අතර එහි නිර්දේශයන්ද සමඟ යලිත් එම යෝජනාව එළඹෙන කැබිනට් මණ්ඩල රැස්වීම වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකාවේ ටෙන්ඩර් ක්‍රියාදාමය විවෘත සහ පාරිදෘෂ්‍ය වුවහොත් පමණක් විදේශ ආයෝජනකයින් ආකර්ශණය කරගැනීමට හැකිවනු ඇති බවත් මෙවැනි හොර වංචා නිසා ආයෝජකයින්ගේ විශ්වාසය බිඳවැටෙන බවත් ජර්මානු තානාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
COMMENTS