දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රූපවාහිනි හිටපු සභාපති ඇතුගල අධිකරණයේදී තමා යටතේ සිටි සේවකයින්ගෙන් වැඳ සමාව ගනී
Homeගොසිප්

රූපවාහිනි හිටපු සභාපති ඇතුගල අධිකරණයේදී තමා යටතේ සිටි සේවකයින්ගෙන් වැඳ සමාව ගනී

PropellerAds

තර්ජනය කොට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සේවකයන් තුන් දෙනකුගෙන් එම සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය ආරියරත්න ඇතු...

Michelle Dilhara's Unusual Birthday at Cinnamon Grand
චන්ද්‍රිකා මරන්න ආපු බෝම්බයෙන් යංතමින් දිවි ගලවාගත් දෙරණේ නිවුස් ලොක්කා
තාත්තගෙ සින්දු කිව්වට කමක් නෑ - හානියක් නොකර -ක්ලැරන්ස්ගේ දියණිය

තර්ජනය කොට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සේවකයන් තුන් දෙනකුගෙන් එම සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය ආරියරත්න ඇතුගල මහතා ඇතුළු තුන්දෙනෙක් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ වැඳ සමාව ඉල්ලා සිටියහ.
ඒ අනුව ආචාර්ය ආරියරත්න ඇතුගල මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනකුට එරෙහිව පවරා තිබූ නඩු කටයුතු අවසන් කිරීමටද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළේය.

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ ප්‍රවෘත්ති අංශයේ සේවය කළ රවි අබේවික්‍රම, කුමාර අලගියවන්න සහ කාංචන මාරසිංහ යන අය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව කුරුඳුවත්ත පොලිසිය මෙම නඩුව ගොනුකර තිබිණි.
පැමිණිලිකරුවන්
පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් කර තිබුණේ 2010 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේ රාජ්‍ය මාධ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිකුත් කළ උපමානවලට අනුකූලව කටයුතු කරන ලෙස ශේ‍ර්ෂ්ඨාධිකරණය මඟින් නියෝගයක් නිතුත් කළ බවයි. එම නියෝගයට අනුකූලව කටයුතු කරන්නැයි තමන් එවකට සභාපති ආචාර්ය ආරියරත්න ඇතුගල මහතා හමුවී සාකච්ඡා කිරීමට ගිය අවස්ථාවේදී සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් තමන්ට බැනවැදී පහරදුන් බවද පැමිණිලිකරුවන් පොලිසියට ප්‍රකාශ කර තිබිණි. එම නඩුව ඉකුත්දා (14දා) කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා කරුණු දක්වමින් විත්තිකරුවන් විවෘත අධිකරණයේදී පැමිණිලිකරුවන්ගෙන් සමාව ඉල්ලා සිටින්නේ නම් නඩුව සමථයකට පත්කර ගැනීමට සූදානම් බව කියා සිටියේය.

ඊට විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන් විරෝධය පළ කළේ නැත.
ඒ අනුව ආචාර්ය ආරියරත්න ඇතුගල ඇතුළු විත්තිකරුවන් තුන්දෙනා විවෘත අධිකරණයේදී පැමිණිලිකරුවන්ගෙන් වැඳ සමාව ඉල්ලා සිටියේය. ඒ අනුව නඩු කටයුතු අවසන් කිරීමට නියෝග කළ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා විත්තිකරුවන් මුදා හැරීමට ද නියම කළේය.

කේ.එස්. උදයකුමාර්
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රූපවාහිනි හිටපු සභාපති ඇතුගල අධිකරණයේදී තමා යටතේ සිටි සේවකයින්ගෙන් වැඳ සමාව ගනී
රූපවාහිනි හිටපු සභාපති ඇතුගල අධිකරණයේදී තමා යටතේ සිටි සේවකයින්ගෙන් වැඳ සමාව ගනී
http://ift.tt/2u88WJS
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_100.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_100.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy