විජයකලා මහේස්වරන් රාජ්‍ය අමාත්‍යවරියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් රජය දැඩි තීන්දුවක් ගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහත...
විජයකලා මහේස්වරන් රාජ්‍ය අමාත්‍යවරියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් රජය දැඩි තීන්දුවක් ගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
අද (04) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මැධ්‍යහමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙවැනි ප්‍රකශෙ සම්බන්ධයෙන් රජය තදින් තීරණ ගන්නා බවත් කළ ඇති ප්‍රකාශය ව්‍යවස්ථානුකූල තත්ත්වය බලා අවශ්‍ය පියවර ගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
"ඒ අවශ්‍ය තීන්දුව ගන්නවා තදින් තීන්දු ගන්නවා මෙවැනි ප්‍රකාශ ගැන. එක පැත්තකින් කියනවා හිට්ලර් කෙනෙක් ඕනෑ කියලා අනිත් පැත්තෙන් කියනවා ප්‍රභාකරන් කෙනෙකු ඕනෑ කියලා. ඒ දෙකම එකයි අගමැතිතුමන් ජනාධිපතිතුමා කතා කරලා දැඩි තීන්දුවක් ගන්නවා. මොකද කිව්වයි කියල එක පාරට සම්පූර්ණයෙන් ගෙන්නගෙන කතාව පරික්ෂා කරලා බලලා ඒකෙ තියන එකේ ව්‍යවස්ථානුකූල තත්ත්වය බලලා අපේ අවශ්‍ය පියවර පැහැදිලිව ගන්නවා."
COMMENTS