ශ‍්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ 2017 වර්ෂයේ ආදායම් සම්බන්ධව ආණ්ඩුව අභ්‍යන්තරයේ සාවද්‍ය තොරතුරක් ප‍්‍රචාරය කිරීමේ සැලැස්මක් දියත්ව ඇති බව...
ශ‍්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ 2017 වර්ෂයේ ආදායම් සම්බන්ධව ආණ්ඩුව අභ්‍යන්තරයේ සාවද්‍ය තොරතුරක් ප‍්‍රචාරය කිරීමේ සැලැස්මක් දියත්ව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටියි.
එම ආරංචි මාර්ග සඳහන් කර සිටින ආකාරයට 2017 වර්ෂයේ පසුගිය මාස දෙක තුනක රේගුවේ ඉලක්ක ගත ආදායම සහ සැබෑ ආදායම අතර දත්ත විකෘති ලෙස ඉදිරිපත් කරමින් මෙම ප‍්‍රචාරය සිදුවෙමින් පවතී.
වාර්තා වන ආකාරයට ශ‍්‍රී ලංකා රේගුව ඇතුළු රාජ්‍ය ආදායම සම්බන්ධව සාවද්‍ය තොරතුරු ප‍්‍රචාරය කිරීමේ කටයුත්තේ මූලිකත්වය ගෙන කටයුතු කරමින් සිටින්නේ රාජ්‍ය මූල්‍ය අක‍්‍රමිකතා සඳහා දේශපාලන බලය අයුතු ලෙස යොදා ගැනීම සම්බන්ධව බරපතළ චෝදනා ලබා සිටින රවි කරුණානායකය.
ආණ්ඩුවේ නායකයන් පෞද්ගලිකව මුණගැසුණු අවස්ථාවල දී දුෂණ චෝදනා ලබා සිටින මේ දේශපාලනඥයා රාජ්‍ය ආදායමේ ප‍්‍රධාන මර්මස්ථානයක් වන ශ‍්‍රී ලංකා රේගුවේ ආදායම සම්බන්ධව දත්ත වාර්තා විකෘතිකර පෙන්වමින් සිටින බව එම ආරංචි මාර්ග සඳහන් කර සිටියි.
වැඩිදුරටත් දැනගන්නට තිබෙන ආකාරයට මෙම දේශපාලනඥයා ශ‍්‍රී ලංකා රේගුව පිළිබඳ නිතර අවධානයෙන් පසුවන්නේ සිය දේශපාලන බලය යොදාගෙන රේගුව මට්ටුකර ගොඩනැගූ ව්‍යාපාරයක් අවදානමට පාත‍්‍ර වේ යැයි පවතින බිය නිසාය.
කෙසේ වුවත් ශ‍්‍රී ලංකා රේගුවේ ආදායම පහළ යාම පිළිබඳ සිදුවන ප‍්‍රචාරය පිළිබඳ අප කළ විමසුමක දී මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙකු සඳහන් කර සිටියේ පළවන ප‍්‍රචාරය මුළුමනින්ම අසත්‍යය බවය.
එහෙ දී ඔහු සඳහන් කළ ආකාරයට රේගු ආදායම 2016 වසරට සාපේක්ෂව 2017 වසරේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කර ඇත. ඒ අනුව 2016 වසරේ ජනවාරි මාසයේ රේගු ආදායම රුපි.බිලි. 55.9 ක් නමුත් සහ 2017 වසරේ ජනවාරි එය 77.4 කි. 2016 වසරේ මැයි රුපි. බිලි. 70.6 ක් නමුත් 2017 මැයි රුපි.බිලි. 75.7 කි. 2016 අගෝස්තු රුපි.බිලි 74.1 ක් නමුත් 2017 අගෝස්තු රුපි.බිලි.80.0 ක් දක්වා ආදායමේ අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරයි.
කෙසේ වුවත් දුෂණ චෝදනා ලබා සිටින දේශපාලනඥයා රේගු ආදායම අඩු බව පවසමින් ආණ්ඩුවේ පාර්ශ්ව නොමග යවමින් සිටින්නේ අපේක්ෂිත ආදායම් සැලකිල්ලට ගෙනය. මුදල් අමාත්‍යංශයේ ඉහළ නිලධාරියා සඳහන් කරන ලෙස සෑම වසරකම මාස කිහිපයක හැර අනෙක් සෑම අවස්ථාවකම සැබෑ ආදායම, අපේක්ෂිත ආදායම ඉක්මවා යන්නේ නැත. මේ සම්බන්ධව අප ශ‍්‍රී ලංකා රේගු ආරංචි මාර්ග වෙතින් ද විමසූ කල ඔවුන් ද පෙන්වා දුන්නේ අපේක්ෂිත ආදායම් කිසිඳු අවස්ථාවක රේගුවේ ආදායම් අඩුවැඩි වීම සම්බන්ධව අදාළ නොවන බවය. එහි දී ආදායමේ අඩුවක් තිබෙනවා නම් එයට අදාළ වන්නේ පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ එම කාල වකවානුවේ ආදායමේ අඩු වීමය.
එහෙත් රේගුව සඳහන් කර සිටින්නේ එවැනි කිසිදු අඩුවක් මෙතෙක් පෙන්නුම්කර නොමැති බවය. එසේම ශ‍්‍රී ලංකා රේගුවේ මෙහෙයුම් කටයුතු විධිමත් කිරීමට කටයුතු සිදුවන බැවින් ඇතැම් පාර්ශ්ව බියවී ඇති බවත් එහෙයින් එම පාර්ශ්ව රේගුව සම්බන්ධව අසත්‍යය ප‍්‍රචාර යවමින් සිටින බවත් ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
(සත්හඬ)
COMMENTS