විපස්සනා භාවනා මධ්‍යස්ථානයක් වන ගාල්ල අහංගම, තිත්තගල්ල මෙත් බෝ සෙවණෙහි පච්චකොටගත් හිමිවරු පහක් වැඩ වාසය කිරීම ගැන කතා බහක් ඇතිව තිබේ. ධර...
විපස්සනා භාවනා මධ්‍යස්ථානයක් වන ගාල්ල අහංගම, තිත්තගල්ල මෙත් බෝ සෙවණෙහි පච්චකොටගත් හිමිවරු පහක් වැඩ වාසය කිරීම ගැන කතා බහක් ඇතිව තිබේ.
ධර්මධරවත්, විනයධරවත් ප්‍රසිද්ධ තිත්තගල්ලේ ආනන්ද සිරි හිමියෝ මෙහි නායක හිමියෝ වෙති.
මෙසේ පච්චකොටාගත් හිමිවරු අතර බාහු දෙකේම විශාල පච්ච සහිත හිමි නමක්ද සිටී.
ඒ සාමණේර හිමියෝ වැරදි කළෙක් නොවන අතර, තරුණ කල පච්චා කොටාගෙන ඇත්තේ විලාසිතාවට බවත්, ඔවුන් ජිම් ගොස් ඇඟත් හදාගත් අය බවත් තිත්තගල්ලේ ආනන්ද සිරි හිමියෝ කියති.
ඇතැමුන් ගැහුණු ලමුන්ද ආශ්‍රය කර මත්වතුර මත් පෙති බී අය බවත්, එවැනි සමාජ අත්දැකීම් ඇති අය මහණ වූ පසු නැවත ගිහි අත්දැකීම් නොසොයොන බවත් ආනන්ද සිරි හිමියෝ කියති.
ඒ සියල්ල අත්හැර 25 වැනි වියේදී එම සාමණේර හිමි සසුනට එක්වූ බවද ආනන්ද සිරි හිමියෝ තහවුරු කළහ.
මාසෙට ලක්ෂ 30ක් ගන්න අයෙකුත් පැවිදිවෙලා !
මෙසේ පච්ච කොටාගෙන සිට පැවිදි වූ හිමි විදෙස් රටවල හෝටල්වල උත්සව කළමනාකරණ සේවයේ ප්‍රධානියකු ලෙස සේවය කළ අයෙක් බවද පැවසේ.
එහිමි ගිහිකළ මීගමුවේ පදිංචිව සිට ඇති අතර එහිමිට වටිනා නිවාස යාන වාහන තිබූ බවත් ඒ සියල්ල සිය වැඩිමහල් සොයුරාට පවරා මෙසේ මහණ වී තිබේ.
මේ අතර මසකට රුපියල් ලක්ෂ 30ක ආදායමක් ඉපැයූ හෝටල් කිහිපයක හිමිකරුවකුද ආනන්ද සිරි හිමි ළඟ පැවිදිව ඇතැයි පැවසේ. එහිමිත් පච්ච කොටාගත් අයෙක් බවද කියවේ.
මේ අතර උසස් පෙළ විභාගයෙන් ලංකාවෙන්ම තෙවැනි වෙමින් කොළඹ රාජකීය විදයාලයට ගිය වෛද්‍ය උපාධියක් ලැබූ අයෙක්ද ආනන්ද හිමි ළඟ පැවිදිව සිටී.
ලෝකයේ දරුණුව මත්ද්‍රව්‍ය භාවිතා කළ අයකුද මේවන විට පැවිදිව සිටින බව පැවසේ.
හිමිවරුන්ට පච්චා කෙටීම අකැපද ?
බුදුහිමි වැඩ වෙසූ සමයේ එනුවර සිටි හොඳම වෙදදුරු ජීවික වෙදදුරා බවට පුරාවෘතවල සඳහන් වේ.
කෙසේවුවද ඔහු ගිහියන්ට වෙදකම් කළේ අඩුවෙන් බව පැවසෙන අතර ඔහු භික්ෂූන් වහන්සේලාට වෙදකම් කළ බව පැවසේ.
මේ නිසා එකල අන්දවූවන් අතපය වැතිවුන් සසුසන ඇතුළුව ලෙඩ සුවවූ පසු සිවුරු හැරගිය බවද කියවේ.
එබැවින් එවැනි අය සසුනට ඇතුළුකර ගැනීමට නීති පැනවුණ බවත්, රාජ්‍ය ද්‍රෝහීන් පැවිදි කරගැනීම තහනම් වූ බවත් පැවසේ.
එවැනි රාජ්‍ය ද්‍රොහීන්ගේ ඇඟේ පච්චා කෙටුවත් වර්තමානයේ පච්චා කොටාගෙන සිටින්නේ විලාසිතාවට බවද මේ අතර ආනන්ද හිමියෝ කීහ.
මූලාශ්‍රය - ඉරිදා ලංකාදීප
ඡායාරූප - තිත්තගල්ලේ ආනන්ද සිරි හිමිගේ ෆෙස්බුක් පිටුවෙනි

COMMENTS