දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මත්තල ගැන තීරණය 'ද හින්දු" පුවත්පත හෙළි කරයි
Homeප්‍රවෘත්ති

මත්තල ගැන තීරණය 'ද හින්දු" පුවත්පත හෙළි කරයි

PropellerAds

මත්තල ගුවන්තොටුපල ඉන්දියාවට ලබාදීමේ තීරණයේ වෙනසක් වී නොමැති බව මෙරට ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ උසස් නිලධාරියෙකු 'ද හින්ද...

යුද්ධය නවත්වපන්! පුටින්ට එරෙහිව දහස් ගණන් රුසියානුවෝ පාරට බහී!
තම රටට එරෙහිව අවි ඔසවන ඕනෑම රටකට යුධ ශක්තිය පෙන්වීමට සූදානම් බව පුටින් කියයි...ලෝක යුද්දය එක වෙඩිල්ලක දුරින්?
හරීන් ලබන සඳුදා රන්ජන්වත් අරන් ජිනීවා යයි!
මත්තල ගැන තීරණය 'ද හින්දු

මත්තල ගුවන්තොටුපල ඉන්දියාවට ලබාදීමේ තීරණයේ වෙනසක් වී නොමැති බව මෙරට ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ උසස් නිලධාරියෙකු 'ද හින්දු' පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ගුවන්තොටුපළේ කොටස්වලින් සියයට 70 ක් ඉන්දියාවට ලබාගත හැකි ආකාරයෙන් සකස් කර ඇති ගිවිසුම් කෙටුම්පත එලෙසින්ම ක්‍රියාත්මක වනු ඇති බව ද එහි වැඩිදුරටත් සඳහන් විය.

මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉන්දියාව සමඟ එක්ව හවුල් ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක කරන බවට රජය ප්‍රකාශ කරනු ලැබුවේ එම ගුවන්තොටුපල අධික ලෙස පාඩු ලැබීම හේතුවෙනි.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් ඉන්දීය සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ජයන්ත් සිංහා එරට පාර්ලිමේන්තුවේදී පසුගියදා සඳහන් කළේ එවැනි ව්‍යාපාරයක් සම්බන්ධයෙන් යෝජනාවක් හෝ නොමැති බවය.

මෙලෙස දෙපාර්ශ්වයෙන් පරස්පර මත ප්‍රකාශ වූ පසුබිමක  'ද හින්දු' පුවත්පත ඊයේ (04) වාර්තා කර තිබුණේ මත්තල ගුවන්තොටුපල ඉන්දියාවට ලබාදීම ස්ථිරවම සිදුවනු ඇති බවය.

එම වාර්තාවට අනුව හවුල් ව්‍යාපාරයක් ලෙස මත්තල ගුවන්තොටුපළ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දෙරට අතර නිල සාකච්ඡා වට 03 ක් අවසන් කර තිබියදී ඉන්දීය සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය ජයන්ත් සිංහාගේ ප්‍රකාශයෙන් ශ්‍රී ලංකා රජයත් එම ගිවිසුම අවසන් කිරීමට  අපේක්ෂාවෙන් සිටි ඉහළ නිලධාරීන් ද අවුල් සහගත තත්ත්වය පත්වූ බවද එහි සඳහන් වේ.

ඉන්දීය සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉන්දීය රජය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව ද එහි සඳහන් විය.

කෙසේවෙතත් දෙරට අතර මෙතෙක් පැවති සාකච්ඡාවලදී සකස් කෙරුණු ගිවිසුම් කෙටුම්පතට අනුව මත්තල ගුවන්තොටුපළේ සියයට 70 ක කොටස් ඉන්දියාවට හිමි වන අතර එහි ප්‍රතිසංස්කරණ කටයුතු සහ නඩත්තුව සඳහා ඉන්දියාව අමෙරිකානු ඩොලර් මිලියන 225 ක දායකත්වයක් ලබා දෙන බව ද එහි සඳහන් වේ. 

බදු පදනම යටතේ වසර 40 ක කාලයක් ඉන්දියාව විසින්  ගුවන්තොටුපල මෙහෙයුම් සිදු කිරීමට නියමිත අතර මේ සම්බන්ධයෙන් මෙරට ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ උසස් නිලධාරියෙකු ද හින්දු පුවත්පතට සඳහන් කර තිබුණේ එම තීරණවල කිසිවක් වෙනස් වී නොමැති බවයි.

ගිවිසුම් කෙටුම්පතේ තාක්ෂණික කාරණා පිළිබඳ සොයා බැලීමට ඉදිරියේදී එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද එහි දැක්වුණි.

'ද හින්දු' පුවත්පත් වාර්තාවේ අවසානයේ දක්වා තිබුණේ හම්බන්තොට වරාය චීන රජය විසින් ලබාගැනීමෙන් පසු ඊට යාබදව පිහිටි මත්තල ගුවන්තොටුපළට ඉන්දියාව දක්වන උනන්දුව හුදෙක් වාණිජ අරමුණකටත් වඩා උපායමාර්ගික අවශ්‍යතාවක්ය යන්න ප්‍රසිද්ධ රහසක් බවය.

මේ අතර මත්තල ගුවන්තොටුපල සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල්ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ද පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් පල කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මත්තල ගැන තීරණය 'ද හින්දු" පුවත්පත හෙළි කරයි
මත්තල ගැන තීරණය 'ද හින්දු" පුවත්පත හෙළි කරයි
http://am.lk/media/k2/items/cache/c75c89bfabdd95e666c3c936e54ed628_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_81.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_81.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy