ජනතාව පීඩනයට පත් කරමින් ඔවුන් හෙම්බත් කර රටේ ආර්ථිකය විනාශ කර තිබේන අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කරගැනිමට කිසිසේත්ම එ...
ජනතාව පීඩනයට පත් කරමින් ඔවුන් හෙම්බත් කර රටේ ආර්ථිකය විනාශ කර තිබේන අවස්ථාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කරගැනිමට කිසිසේත්ම එකඟ නොවන බවත් ඒ සම්බන්ධයෙක් සාකච්ඡා කිරිමටවත් සුදානම් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි සී. බී. රත්නායක මහතා පවසයි.
නුවරඑළිය පුඬළුඔය නගර ශාලාවේ ඊයේ (04) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොත්මලේ ආසනයේ තරුණ සංවිධානයේ සමුළුව අමතමින් ඒ මහතා මේ බව පැවැසීය.
ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක් බවත් රට තුල තිබේන ගැටළු සඳහා විදේශ රටවල සහය අවශ්‍ය නොව බවත් මන්ත්‍රිවරයා එහිදි ප්‍රකාශ කළේය.
වත්මන් ආණ්ඩු විසින් මේ වන විට මත්තල ,ඔලුවිල් ,පලාලි යන ගුවන්තොටුපලවල් විකුණන්න සුදානමින් සිටින බවත් හම්බන්තොට වරාය විකුණා අවසන් බවත් එ් මහතා පැවසීය.
මිට අමතරව රටේ ගොවිපළවල් සහ වැව් ආශ්‍රිත ජලාශද පිටරැටියන්ට විකිණිමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බැවින් මෙම ආණ්ඩුව පරගැති ආණ්ඩුවක් බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
COMMENTS