දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගෝඨාට එරෙහි ඇවන්ගාඩ් නඩු විභාගය අත්හිටුවමින් අතුරු නියෝගයක්
Homeප්‍රවෘත්ති

ගෝඨාට එරෙහි ඇවන්ගාඩ් නඩු විභාගය අත්හිටුවමින් අතුරු නියෝගයක්

PropellerAds

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින ඇවන්ගාඩ් නඩු විභාගය අත්හිටු...

සජිත් ආවොත් ඊලග සිංහල අවුරුද්ද කන්න වෙන්නේ “ඔරුමිත්ත නාඩුවක” - චන්න ජයසුමන
Exclusive : ජනාධිපතිවරණය අත්හිටුවන්න දැමූ ප‍්‍රතික්‍ෂෙප කෙරේ.. පෙත්සම ගැන ජනාධිපති හෝ ශ‍්‍රීලනිපය දන්නෙවත් නැතැයි දයාසිරි කියයි
ශ‍්‍රීලනිපය ආරක්‍ෂා කර ගැනීමට සජිත් දිනවිය යුතුයි.. පොහොට්ටුව දින්නොත් ශ‍්‍රීලනිපය ඉවරයි !
ගෝඨාට එරෙහි ඇවන්ගාඩ් නඩු විභාගය අත්හිටුවමින් අතුරු නියෝගයක්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින ඇවන්ගාඩ් නඩු විභාගය අත්හිටුවන මෙන් දන්වා අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

එම නඩු විභාගයට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

ඒ අනුව අභියාචනාධිකරණය හමුවේ පවතින මෙම ප්‍රතිශෝධන පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් මෙම තහනම් නියෝගය බල පවත්වන බව විනිසුරුවරු සඳහන් කර සිටියේය.

මෙම පෙත්සම අද(04) කැඳවූ අවස්ථාවේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් මෙම නඩුව කර ඇති ආකාරය අල්ලස් පනතට පටහැනි බව සඳහන් කර සිටියේය.

මේ හේතුවෙන් පෙත්සම විභාග කිරීමට අවසර ලබාදී මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩු විභාගය තහනම් කිරීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

එහිදී රජයේ නීතිඥවරයා සඳහන් කර සිටියේ පෙත්සම විභාග කිරීම සඳහා නොතිසි නිකුත් කිරීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නොමැති වුවත් තහනම් නියෝගය නිකුත් කිරීම සම්බන්ධයෙන් එකඟ විය නොහැකි බවයි.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය මෙම තහනම් නියෝගය නිකුත් කළ අතර නඩුවට අදාළ විරෝධතා තිබේනම් අගෝස්තු මස 26 වනදා ඉදිරිපත් කරන්නයි අල්ලස් කොමිසමට නියම කළේය.

පෙත්සම නැවත සැප්තැම්බර් මස 28  වනදා කැඳවීමට ද නියම විය.

පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේ, පසුගිය රජය සමයේ ගාලු වරායේ ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම තමා ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් පවරා ඇති බවයි.

එම නඩුව ගොනුකර ඇති ආකාරය අල්ලස් පනතට පටහැනි බව සඳහන් කරන ගෝඨාභය රාජපක්ෂ මහතා එම නඩුව පවරා ඇති ආකාරය නීති විරෝධී බවට මූලික විරෝධතාවක් මතු කළත් එය ප්‍රතික්ෂේප කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළ බව ද කියා සිටියේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ තීරණයට එරෙහිව කොළඹ මහාධිකරණය වෙත තමා ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළත් එය ද විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කළ බව පෙත්සම්කරු කියා සිටියේය.

මේ හේතුවෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සහ කොළඹ මහාධිකරණයේ තීන්දු නීති විරෝධී බවට ප්‍රකාශ කොට ඇවන්ගාඩ් නඩුවෙන් තමන් ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඊට අමතරව මෙම පෙත්සම් විභාගය අවසන් වන තරු ඇවන්ට්ගාඩ් නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග කිරීම අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගෝඨාට එරෙහි ඇවන්ගාඩ් නඩු විභාගය අත්හිටුවමින් අතුරු නියෝගයක්
ගෝඨාට එරෙහි ඇවන්ගාඩ් නඩු විභාගය අත්හිටුවමින් අතුරු නියෝගයක්
http://am.lk/media/k2/items/cache/af50f2c5c54265d2caba70f4d5202df7_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_5.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_5.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy