ඊ.ටී.අයි. ආයතනයේ තැන්පත්කරුවන් පිරිසක් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා මුණ ගැසී තිබේ. නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා හමුවීම සඳහා ...
ඊ.ටී.අයි. ආයතනයේ තැන්පත්කරුවන් පිරිසක් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා මුණ ගැසී තිබේ.
නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා හමුවීම සඳහා මාදිවෙල පිහිටි මන්ත්‍රි නිවාස මෙම පිරිස ඊයේ (24) වෙත පැමිණියේය.
එහිදි තැන්පත්කරුවන් මුහුණ පා ඇති අපහසුතා සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයාට කරුණු පැහැදිලි කළේය.
අනතුරුව නියෝජ්‍ය අමාත්‍යවරයා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා වෙත දුරකතන ඇමතුමක් ලබා ගත්තේය.
මෙම අවස්ථාවේදී නියෝජ්‍ය අමාත්‍යවරයාට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි.
එහිදී මංගල සමරවීර අමාත්‍යවරයා මහ බැංකු අධිපතිවරයා ලංකාවේ නොමැති බැවින් ඔහු පැමිණි විට මෙම පිරිසට පිළිතුරක් ලබා දීමට එකඟතාවය පළ කළ බව රංජන් රාමනායක මහතා පැමිණ සිටි පිරිසට දැනුම් දුන්නේය.
COMMENTS