මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා, 'ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව අඩුවීම සදහා සෞඛ්‍ය සේවකයින්ගේ දායකත්වය හොඳින් ලැබ...
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
'ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව අඩුවීම සදහා සෞඛ්‍ය සේවකයින්ගේ දායකත්වය හොඳින් ලැබුනා. ඔවුන්ගේ සේවය මම අගය කරනවා. එල්.ටී.ටී.ඊ. සංවිධානය පරදා යුද්ධය අවසන් කළා වගේ ඩෙංගු මදුරු වසංගතය නතර කරන්න බැහැ. ජලය එක්රැස්වන ස්ථාන ඉවත් කරමින් පරිශ්‍ර පිරිසිදු කළ යුතුයි. එය අමාරු කාර්යයක්. රෝහල්වලට අවශ්‍ය සියලුම පහසුකම් අපි ලබාදුන්නා. ත්‍රිවිධ හමුදාව විසින් අයි.ඩි.එච්. ජාතික බෝවන රෝග මධ්‍යස්ථානය සහ මීගමුව රෝහලේ තාවකාලික වාට්ටු ඉදිකර දුන්නා.'
'ඩෙංගු රෝගීන් සහ මරණ සංඛ්‍යාව අඩු වෙනවා කියලා මාධ්‍යවල පළවෙන්නේ නැහැ. මාධ්‍යයට ප්‍රවෘත්ති කියන්නේ වැරැද්දයි. ඩෙංගු වැඩි වුවහොත් පුවත්පත්වල ප්‍රධාන සිරස්තලයටත් ගන්නවා. නමුත් අඩු වූ පසු පත්තරවල ලියන්නේ නැහැ. වත්මන් රජය සිදු කරන ජනතා සේවාවන් ගැනත් ලියන්නේ නැහැ. වැරදි දේ පමණයි පෙන්වන්නේ. වසර 45 කට පසු ඖෂධ වර්ග 48 ක මිල අඩු කළත් එම සේවාව පිළිබද මාධ්‍ය තුල පළ වූයේ නැහැ. මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය පිළිගැනීමට යහපාලන රජයක් එනතුරු බලා සිටීමට සිදු වුනා. බනින එක තමයි ඇතැම් මාධ්‍ය වලට ප්‍රවෘත්ති වන්නේ. ඩෙංගු වසංගතය වැඩිවීමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය ද විශේෂඥ වෛද්‍යවරුන් ලබාදෙමින් සහයෝගය ලබාදුන්නා. සෞඛ්‍ය සේවකයින් ඩෙංගු මර්දන හමුදාවක් ලෙස බොරු වැඩ කරන්නේ නැතිව සේවාවන් ඉටු කළ නිසයි ඩෙංගු රෝගීන් සහ මරණ සංඛ්‍යාව අඩු වුනේ. ඩෙංගු රෝගීන්ගේ අඩුවක් දක්නට ලැබුනත් ඩෙංගු මදුරු මර්දන කටයුතු අඛණ්ඩව සිදු කළ යුතුයි. ඩෙංගු මදුරු මර්දන සහායකයින් 500 ක් බඳවා ගත් අතර, ඔවුන්ගේ සේවය ඉදිරියේ දී ස්ථීර කිරිම කෙරෙහි මම අවධානය යොමු කරනවා. තවත් ඩෙංගු මදුරු මර්දන සහායකයින් 1000 ක් බඳවා ගැනීමට ද නියමිතයි.'
COMMENTS