යු ද සමයේදී කොටි සංවිධානය විසින් මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ වලදැමූ රත්තරන් ගොඩ ගැනීම සඳහා සුඛෝපබෝගී කාර් රථවලින් පැමිණි සැකකරුවන් 14...
යුද සමයේදී කොටි සංවිධානය විසින් මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ වලදැමූ රත්තරන් ගොඩ ගැනීම සඳහා සුඛෝපබෝගී කාර් රථවලින් පැමිණි සැකකරුවන් 14 දෙනෙකු අධිබලැති ස්කෑනින් යන්ත්‍රයක් ඇතුලු තවත් උපකරණ රැසක් සමගින් අද (27) අලුයම අත්අඩංගුවට ගත් බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.
පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව පුදුකුඩිඉරිප්පු ශිවනගර් 7 වන පටුමග ප්‍රදේශයේදී අදාල සැකකරුවන් ස්කෑනින් යන්ත්‍රය යොදා ගනිමින් රත්තරන් ගොඩ ගැනීමට උත්සහ ත් අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
එහිදී සුඛෝපභෝගී කාර්රථ 3ක්, අධි තාක්ෂණයෙන් යුත් ස්කෑනින් යන්ත්‍රයක්, එම ස්කෑනින් යන්ත්‍රයට බාවිතා කරන උපකරණ රසක්, වීඩියෝ කැමරා, ෆෝකස් ලියට් , වයර් රෝල් , ලැප්ටොප් එකක් ඇතුලු උපකරණ තොගයක්ද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිංහල අයෙකුත් , මුස්ලිම් සැකකරුවන් දෙදෙනෙකුත් දෙමළ සැකකරුවන් 11 දෙනෙකු වන අතර එම සැකකරුවන් යාපනය, මඩකලපුව, ත්‍රීකුණාමලය, ගලේවෙල, මුලතිව් පුදුකුඩිඉරිප්පු යන ප්‍රදේශවල පදිංචිකරවන් වෙයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මූලික පරික්ෂණ කටයුතු වලින් අනතුරුව මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටද පරික්ෂණ සිදු කරන පුදුකුඩඉරිප්පු පොලීසිය වැඩිදුරටත් පවසයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ

COMMENTS