ගැටුම් හටගත්තේ වර්ජිනියා ජනපදයේ පැවති අන්ත දක්ශිණාංශික පා ගමනකදී ය. මෙහිදී එකිනෙකා සමග දබර වීම ආරම්භ කළ මේ දෙපිරිස, අතින් පයින් මෙන්ම...
ගැටුම් හටගත්තේ වර්ජිනියා ජනපදයේ පැවති අන්ත දක්ශිණාංශික පා ගමනකදී ය.
මෙහිදී එකිනෙකා සමග දබර වීම ආරම්භ කළ මේ දෙපිරිස, අතින් පයින් මෙන්ම ගම්මිරිස් දුමාරය සහ වතුර බෝතල් යොදාගෙන එකිනෙකාට පහර දීගෙන තිබේ. පුද්ගලයන් අට දෙනෙක් පමණ ගැටුම්වලදී තුවාළ ලැබූහ. එයටම සමාන්තර සිද්ධියකදී නාසි විරෝධීන් ඇතිවූ ගැටුම්වලදී තවත් 26 දෙනෙක් තුවාළ ලබා තිබේ.
අන්ත දක්ෂිණාංශිකයන් විසින් සංවිධානය කළ පාගමනට මුල් වී තිබුණේ වර්ජිනියා ජනපදයේ චාලට්ස්විල් නගර සභාව විසින් කන්ෆෙඩරේට් ජනරාල්වරයෙකු වූ රොබට් ඊ ලීගේ ලෝකඩ ප‍්‍රතිමාවක් ඉවත් කිරීමට ගත් තීරණයයි. ඇමරිකානු සිවිල් යුධ සමයේ කොන්ෆෙඩරේට් හමුදාව මෙහෙයවූ ඔහු ජනපදය තුළ වීරයෙක් ලෙස සැලකේ. එසේ වුවත් සුදු සුප‍්‍රිමසිය උත්කර්ෂයට නැංවූ සහ කළු ජාතිකයන් හෙළා දුටු අන්තවාදී දක්ෂිණාංශිකයෙකු ලෙස ඔහු අවිවාදයෙන් සැලකේ.
පොලිස් නිලධාරීන් දෙදෙනා මරණයට පත්වී තිබෙන්නේ ගැටුම්වලට මැදිවීම නිසා නොව. ගැටුම් හටගත් ස්ථානයට පැමිණෙන අතරවාරයේ ඒ අසලදී ඔවුන් ගමන් ගත් පොලිස් හෙලිකොප්ටරය කඩාවැටීම හේතුවෙනි.
-අමාලි ජයවීර
COMMENTS