මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරිමට ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් රොටරි සහ සිංහ සමාජ පිළිබඳ තමා දැක්වු අදහස් සම්බන්...
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරිමට ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් රොටරි සහ සිංහ සමාජ පිළිබඳ තමා දැක්වු අදහස් සම්බන්ධයෙන් කණගාටුව පල කරන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් අමාත‍්‍යවරයා පෙන්වා දෙන්නේ තමන් ප්‍රතිපත්තිමය වශයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට විරුද්ධ බවයි.
සමාජ සුබසාධන හා ආගමික සංවිධානවල උසස් තනතුරු දරමින් මත්ද්‍රව්‍ය ව්‍යාපාරවල පව් වසා ගන්නා පුද්ගලයින් සමාජයේ සිටින බව තමා පසුගියදා ප්‍රකාශ කළ බවත් එහිදි වැරදීමකින් රොටරි සහ සිංහ සමාජ පිළිබඳ පල කළ අදහස් සම්බන්ධයෙන් කණගාටුව පල කරන බවත් අමාත්‍යවරයා නිවේදනයේ දක්වා තිබේ.
එම සංවිධානවලින් සිදුකෙරෙන සමාජයීය මෙහෙවර අගය කරන අතර තමාගේ ප්‍රකාශයෙන් සිත් රිදවීමක් ඇතිවී නම් සියලු දෙනාගෙන් ඊට සමාව ඉල්ලා සිටින බව අමාත්‍ය මංගල සමරවීර මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
එම නිවේදනය පහතින්,
COMMENTS