පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රුසියාවේ සිට ඇමෙරිකාවට ඇතුල්වීමට යෑමේ දී එයට බාධා ඇතිව තිබේ. නාමල් රාජපක්ෂ මහතා රුසියානු ජනාධිප...
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රුසියාවේ සිට ඇමෙරිකාවට ඇතුල්වීමට යෑමේ දී එයට බාධා ඇතිව තිබේ.
නාමල් රාජපක්ෂ මහතා රුසියානු ජනාධිපතිවරණයේ ස්වාධීන නිරීක්ෂකයකු ලෙස මොස්කව්හි දී නිල රැස්වීම් කීපයකට සහභාගී විය.
ඉන්දියානු එක්ස්ප්‍රස් පුවත් වෙත අදහස් දක්වමින් ඔහුගේ කාර්යාලය සඳහන් කර ඇත්තේ එක්සත් ජනපද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට නිසි හේතු දැක්වීමකින් තොරව මොස්කව් සිට හූස්ටන් වෙත ගුවන් යානයට නොයන ලෙසට දන්වා ඇති බවයි.
එමෙන්ම කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලවලින් ද මේ සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි කිරීමක් කර නොමැති අතර ඔහුට වලංගු ගමන් බලපත්‍රයක් තිබුණු බව ද ඔහුගේ කාර්යාලය පවසයි.
නාමල් රාජපක්ෂ මහතාගේ ටුවිටර් (Twitter)ගිණුමෙහි ද මේ පිළිබඳ සටහනක් තබමින් ඔහු සඳහන් කර තිබුණේය.
කෙසේ වෙතත් හෙට දිනයේ දී යළිත් නාමල් රාජපක්ෂ මහතා කොළඹට පැමිණීමට නියමිත බව ද ඔහුගේ කාර්යාලය සඳහන් කරයි.
COMMENTS