දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපති නියමයෙන් මුතුරාජවෙල අවට ඉදිකිරිම් නවතී
Homeප්‍රවෘත්ති

ජනපති නියමයෙන් මුතුරාජවෙල අවට ඉදිකිරිම් නවතී

PropellerAds

මුතුරාජවෙල අභය භූමි ප‍්‍රදේශයේ සිදු කෙරෙන  ඉදිකිරීම්, ගොඩ කිරීම් ඇතුළු පරිසර විනාශයට හේතුවන සියලූ ක්‍රියාකාරකම් වහාම තහනම් කරන්නැයි ජනාධිප...

දාන සීල භාවනාවෙන් නිවන් නොදකින බව බුදුන් වහන්සේ පැවසුවේ ඇයි?-2 වන කොටස
පොලිතින් හා ප්ලාස්ටික් අමු ද්‍රව්‍ය බදු ඉහළට.
ඉතිහාසයේ පළමු වරට කාබන් බද්දක්.
ජනපති නියමයෙන් මුතුරාජවෙල අවට ඉදිකිරිම් නවතී

මුතුරාජවෙල අභය භූමි ප‍්‍රදේශයේ සිදු කෙරෙන  ඉදිකිරීම්, ගොඩ කිරීම් ඇතුළු පරිසර විනාශයට හේතුවන සියලූ ක්‍රියාකාරකම් වහාම තහනම් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22) අදාල රාජ්‍ය අංශ වෙත දැනුම් දී තිබේ.

එහි යම් ඉඩම් කොටස් ගොඩ කිරීම සඳහා  යම් රාජ්‍ය ආයතනයක් මගින් දැනට කුමන හෝ අවසරයක් ලබා දී ඇත්නම් ඒ සියල්ල අහෝසි කිරීමට මෙන්ම  මෙවැනි පරිසර විනාශයන්ට අනුග‍්‍රහය දක්වන හෝ දැක්වූ රාජ්‍ය නිලධාරින් සිටී නම් ඔවුන්ට එරෙහිව ද විනය ක්‍රියාමාර්ග ගන්නා  ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දී  ඇත.

මුතුරාජවෙල අභය භූමිය ආශ්‍රීතව සිදු කෙරෙන පරිසර විනාශයන් පිළිබඳව  අනාවරණයෙන් පසු ඒ පිළිබඳව සෙවිම සඳහා අද (22)  එහි නීරීක්ෂණ චාරිකාවක නිරත වු ජනාධිපතිවරයා එහිදී මෙම ප්‍රකාශ නිකුත් කළේය.

මෙම ක්‍රියා පිටුපස දේශපාලන බලවේග තිබේ නම් ඒවාට එරෙහිව ද නොපැකිළිව කටයුතු කරන බවද එහිදී සඳහන් කළ ජනාධිපතිවරයා මුතුරාජවෙල අභය භූමි ප‍්‍රදේශයේ සිදුකෙරෙන පරිසර විනාශයන් මැඩලීම සඳහා හා එම ප‍්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව සහ ප‍්‍රවේශ මාර්ගවලට මාර්ග බාධක යෙදවීමට පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන්නේය.

පරිසර සංරක්ෂණ ප‍්‍රදේශයක් ලෙස එහි  පවතින සියලූ ඉඩම් වනජීවි සහ පරිසර සංරක්ෂණ කලාප ලෙස ගැසට් කිරීමේ හැකියාව පිළිබඳව  නීති උපදෙස් ලබාගැනීමට නිලධාරීන් එහිදී දැනුම්වත් කළ අතර සින්නක්කර ඔප්පු සහිත ඉඩමක වුව ද පාරිසරික බලපෑම් ඇති කරන්නේ නම් එහි ගොඩ කිරීම් සහ ඉදිකිරීම් සඳහා ඉඩදිය නොහැකි බවද ජනාධිපතිවරයා  සඳහන් කළේය.

එමෙන්ම මෙම ප‍්‍රදේශය තුළ සිදු කෙරෙන ගොඩ කිරීම් සඳහා පස් ලබාදෙන ස්ථානවලට භූ විද්‍යා පර්යේෂණ හා පතල් කාර්යාංශය මගින් බලපත‍්‍ර නිකුත් කර තිබේ නම්  ඒවාද වහාම අවලංගු කරන්නැයි ජනාධිපතිවරයා නියෝග කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති නියමයෙන් මුතුරාජවෙල අවට ඉදිකිරිම් නවතී
ජනපති නියමයෙන් මුතුරාජවෙල අවට ඉදිකිරිම් නවතී
http://am.lk/media/k2/items/cache/0be9d305e24a1ee9b3fd5b69d5c5ccbb_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_780.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_780.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy