මෙරට සියලු පරිසර දුෂණවලට විරුද්ධව කටයුතු කිරීමට හා පරිසර දූෂකයන් අත්අඩංගුවට ගැනීමට සිවිල් ආරක්ෂක නිලධාරීන්ගෙන් සැදුම්ලත් 5000කින් යුත් සිය...
මෙරට සියලු පරිසර දුෂණවලට විරුද්ධව කටයුතු කිරීමට හා පරිසර දූෂකයන් අත්අඩංගුවට ගැනීමට සිවිල් ආරක්ෂක නිලධාරීන්ගෙන් සැදුම්ලත් 5000කින් යුත් සියලු බලතල සහිත පරිසර හමුදාවක් පිහිටුවන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා පැවසීය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි බලකා 29ක් මඟින් මෙම නිලධාරීන් තෝරා ගනු ලබන අතර එක් බලකායකින් නිලධාරීන් දෙසිය දෙනෙකු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අවසර පරිදි ප්‍රථම අදියර ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාලවලට අනියුක්ත කරන බවද ඒ මහතා කීය.
එම නිලධාරීන්ට පරිසර කටයුතු පිළිබදව සම්පුර්ණ පුහුණුවක් මධ්‍යම පරිසර අධිකාරිය මඟින් ලබාදෙන බවද ඔවුන් පරිසර අධිකාරියේ පරිසර නිලධරීන් සමඟ පරිසර දුෂණ කටයුතු වැලැක්වීම සඳහා යොදවනු ලබන බවද සභාපතිවරයා පවසා ඇත.
COMMENTS