ඉ දිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහයෝගය ලබා නොගත යුතු බවට එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිස...
ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහයෝගය ලබා නොගත යුතු බවට එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂ නායකත්වයට දැනුම් දීමට තීරණය කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා ගේ සහයෝගය ලබා ගැනීමෙන් එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනමට හානියක් වනු ඇති බවත් ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පෙරළා මහින්ද රාජපක්ෂ මහතා දින 52 කාලයකට අගමැති තනතුරට පත් කරමින් ආණ්ඩුවක් පිහිටුවීම නිසා එජාප පාක්ෂිකයන් ඔහු ගැන දැඩිව කලකිරී සිටින බවයි.
ඇමැති මණ්ඩලයේ සිටින බහුතර පිරිසක් ද වත්මන් ජනාධිපති වරයාගේ සහාය ගැනීමට අකමැති බව අගමැතිවරයාට දැනුම් දීමට තීරණය කර ඇති බවද එම මන්ත්‍රීවරුන් සඳහන් කරයි.
මේ සම්බන්ධ තීරණය අද දිනයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දෙන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා සඳහන් කළේය.

COMMENTS