දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
One Galle Face Development ව්‍යාපෘතියේ One Galle Face Tower ව්‍යූහය එළිදකී.
Homeගොසිප්

One Galle Face Development ව්‍යාපෘතියේ One Galle Face Tower ව්‍යූහය එළිදකී.

PropellerAds

කොළඹ ව්‍යාපාරික අවකාශය නවමානයකට ගෙන ගිය One Galle Face ව්‍යාපෘතියේ One Galle Face Tower සංකීර්ණයෙහි සැලසුම් ව්‍යූහය අද දිනයේ දී එළිදකින ල...

තොණ්ඩමන් සහ අතාවුල්ලා ශ්‍රීලනිපයට.
'ඊ නිව්ස් තහනම් කර පලක් නැහැ' - මුදල් හා මාධ්‍ය ඇමති.
ෆේස්බුක් මැසෙන්ජර් ඇණහිටී.

කොළඹ ව්‍යාපාරික අවකාශය නවමානයකට ගෙන ගිය One Galle Face ව්‍යාපෘතියේ One Galle Face Tower සංකීර්ණයෙහි සැලසුම් ව්‍යූහය අද දිනයේ දී එළිදකින ලදී. ජාත්‍යන්තර වශයෙන් ගෞරවාදරයට පාත‍්‍ර වූ මෙන්ම කළමනාකරණය කෙරෙන මිශ‍්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන මෙය ෂැංග‍්‍රි-ලා සමූහයේ විසින් දියත් කරනු ලැබූවකි. මේ වන විට මුළුමනින්ම පාහේ වැඩ අවසන් කර තිබෙන මෙම සුවිශේෂී One Galle Face Tower සංකීර්ණයේ මෙහෙයුම් කටයුතු 2019 දෙවන කාර්තුවේ දී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

One Galle Face Tower යනු කොළඹ නගරය තුළ මෙතෙක් අත්නොවිඳි අග‍්‍රගණ්‍ය කාර්යාල සේවා පහසුකම් ලබා දෙන සංකීර්ණයකි. බදු හා කුලී පදනම් මත ඒවා වෙන්කර ගැනීමට අවස්ථාව හිමිවේ. One Galle Face Tower හි බදුගිවිසුම් අත්සන් තැබීම උත්සවාකාරයෙන් බදුකාර පාර්ශව දෙකක් සමඟින් සිදුකෙරන අතර එය කොළඹ නගරයේ අග‍්‍රගණ්‍ය ව්‍යාපාරික කේන්ද්‍ර‍්‍රස්ථානය වීමේ පළමු පියවර ලෙසින් ඉතිහාසගත වනු ඇත. මෙහි ප‍්‍රතිරූපක (prototype) කාර්යල පරිශ‍්‍ර දැකබලා ගැනීමට දැන් අවස්ථාව උදා වී තිබේ.

මෙම සුවිශේෂි අවස්ථාවේ දී අදහස් දක්වමින් ෂැංග‍්‍රිලා හොටේල්ස් ලංකා (පුද්) සමාගමේ සාමාන්‍යාධිකාරී Callie Yah මෙනවිය මෙසේ කියා සිටියාය. ‘‘මෙය අපට අපරිමිත සංතුෂ්ටිය ගෙන දෙන අවස්ථාවක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. One Galle Face Tower හි ප‍්‍රතිරූපක කාර්යාල පරිශ‍්‍ර අද දිනයේ දී ඔබ වෙත ගෙන එන්න අපිට පුළුවන් වුණා. මෙහි සියලූ අවශ්‍යතාවයන් ළඟා කරගන්නා තුරු වෙහෙස නොබලා කටයුතු කරන්නට අපට සිදුවුණා. One Galle Face Tower විසින් ලබා දෙන අනගිභවනීය සේවාවන් ප‍්‍රත්‍යක්ෂ කරමින් අපි අපේ ඉලක්කයන් සපුරා ගත්තා. එය කොළඹ ව්‍යාපාරික, ආයතනික හා ජීවන අවකාශයට නැවුම් අරුතක් ලබා දුන් බව සහතිකයි. ජාත්‍යන්තරව පිළිගත් සම්මතයන්ට අනුකූල වන අයුරින් අපගේ බදුකරුවන් හට සුඛෝපභෝගී, සුවපහසු අත්දැකීමක් ලබා දීම අපි තහවුරු කරනවා.’’

කොළඹ ගාලූමුවදොර පිහිටා තිබෙන The One Galle Face සිව්වැදෑරුම් සංවර්ධන ව්‍යාපෘතියකි. One Galle Face Mall, The One Galle Face Tower, The Residences at One Galle Face සහ කොළඹ Shangri-La Hotel පරිශ‍්‍රවලින් එය සමන්විත වේ. අග‍්‍රගණ්‍ය ජීවන අත්දැකීමක් ලබා දීමට සමත් One Galle Face අධිසුඛෝපභෝගී සාප්පු සවාරි, අවන්හල් හා තරු පහේ හෝටල් පහසුකම් යනා දී සේවාවන් එකිනෙකට සම්බන්ධ වූ තනි ස්ථානයකින් සපුරා ගැනීමට අවස්ථාව උදාකරලනු ඇත.

මහල් 32 කින් සමන්විත One Galle Face Tower වර්ග අඩි 540ල000 ක වපසරියකින් යුතු සුපිරි කාර්යාල පහසුකම් සපිරි පරිශ‍්‍රයකි. එමෙන්ම කොළඹ වාණිජ අගනගරයේ කේන්ද‍්‍රස්ථානයේ පිහිටි One Galle Face Tower ලොව උසස්තම නිමාවෙන් සහ අංගෝපාංගයන්ගෙන් පරිපූර්ණ සංකීර්ණයකි. එහි පිහිටීමත් සම`ගම කොළඹ නගරයේ ප‍්‍රධාන ප‍්‍රවාහන මාධ්‍යයන්, ප‍්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන, ආරෝග්‍යශාලා, බැංකු සහ හෝටල් වැනි ස්ථාන වෙත ඉතා පහසුවෙන් ළඟා වීමට අවස්ථාව ලබා දේ. එසේම මනස්කාන්ත ගෝල්ෆෙස් පිටිය, ඉන්දියානු සාගරය, බේරේ වැව සහ කොළඹ නාගරික වටපිටාව One Galle Face Tower සිට ලබා දෙන්නේ අසමසම දෘෂ්ටිපථයකි.

අවටින් ගලා එන ස්වභාවික අලෝකය උපරිම අයුරින් ලැබෙන පරිදි One Galle Face Tower හි එක් එක් මහල් සඳහා පොළවේ සිට සිවිලිම දක්වා වීදුරු යොදා ගෙන තිබේ. එසේම සෘජුකෝණාස‍්‍රාකාර හැඩයෙන් එන එක් ඒකකයක් වර්ග අඩි 17,450 ක භූමි ප‍්‍රමාණයකින් යුක්ත වේ. මෙහි ඇති විශේෂත්වය වනුයේ මෙම මුළු අවකාශයම නිදහස්ව පැවතීමත්, එහි මැදින් ආධාරක කණු ඉදිකර නොතිබීමත්ය. එය වර්තමානයට ගැළපෙන නවීන අයුරින් මනාව සැලසුම් කරන ලද කාර්යාල ඒකකයකි.  මහල් අතර අන්තර්සබඳතාවය පවත්වා ගැනීමට knockout panels යොදා ගෙන ඇත.

One Galle Face Tower විසින් නිදහස් අවකාශයක්, ෆයිබර් ඔප්ටික් සබඳතා, 100‍‍්‍% ක් ආධාරක බලශක්කිය, සංකලිත ගොඩනැගිලි කළමනාකරණ පද්ධති, අධිවේගී සෝපාන සහ අදාළ ස්ථානය වෙතටම ලබා දෙන ඒ  වෙනුවෙන්ම කැපවුණු VIP වාහන නතර කිරීමේ සේවාවන් ලබා දේ. එසේම මෙම කුළුණ, ජාත්‍යන්තර ගිනි නිවාරණ හා ආරක්ෂණ රෙගුලාසිවලට අනුකූලවන අයුරින් ඉදිකර තිබේ.

ප‍්‍රධාන නිර්මාණ සංකල්පයන් උපයෝගී කර ගනිමින් තිරසාරත්වය පවත්වා The One Galle Face Tower මෙහිදී අනගි උත්සාහයක් දරා ඇත. එහිදී double-glazed, low e-coated perimeter window glass උපයෝගී කර ගනිමින් ස්වභාවික ආලෝකය උපරිම වශයෙන් ලබා ගැනීමටත් බලශක්තිය පිරිමසමින් අධික සූර්ය කිරණ වළක්වාලීමටත් කටයුතු කෙරේ. වායු ප‍්‍රමිතීන් වැඩිදියණු කරමින් සහ බලශක්ති කාර්යක්ෂමතාවය මෙන්ම සංරක්ෂණ උත්සාහයන්ගේ සහාය ඇතිව ‘‘Singapore Green Mark – Gold Standard“ ප‍්‍රමිතීන් සාක්ෂාත් කර ගැනීම ධබැ ඨ්කකැ ත්‍්ජැ ඔදඇර බලාපොරොත්තුවයි.

ශ‍්‍රී ලංකාව තුළ සිය ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමේ දීර්ඝ කාලීන සැලැස්මකින් යුතුව කටයුතු කරනු ලබන ෂැංග‍්‍රිලා සමූහය මෙරට ආර්ථික වර්ධනයට හා අනාගතය වෙනුවෙන් ස්ථිරසාර දායකත්වයක් ලබා දේ. දකුණු ආසියානු කලාපය තුළ නැගී එන කේන්ද‍්‍රස්ථානයක් ලෙසින් ශ‍්‍රී ලංකාව ස්ථානගත වීමෙහි ලා අවශ්‍ය කෙරෙන අද දවසේ ව්‍යාපාරික හා ජීවන ශෛලී අත්දැකීම් The One Galle Face Tower විසින් මනාව පිළිබඹු කරනු ඇත.








Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: One Galle Face Development ව්‍යාපෘතියේ One Galle Face Tower ව්‍යූහය එළිදකී.
One Galle Face Development ව්‍යාපෘතියේ One Galle Face Tower ව්‍යූහය එළිදකී.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiBohb6radOd8y7LcJwqtzN8SL6MwMqmgO5_i5BCr0JxD4dANNsg6TPtBy3HBMDT6GncCWG0q9vEu2g5-UUDlETLfg1t22hLXOr8fpWmLkVOswpuzVh4Cu0immHZ5dys9n3gbCYSVHcpls/s1600/IMG_0571.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiBohb6radOd8y7LcJwqtzN8SL6MwMqmgO5_i5BCr0JxD4dANNsg6TPtBy3HBMDT6GncCWG0q9vEu2g5-UUDlETLfg1t22hLXOr8fpWmLkVOswpuzVh4Cu0immHZ5dys9n3gbCYSVHcpls/s72-c/IMG_0571.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/one-galle-face-development-one-galle.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/one-galle-face-development-one-galle.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy