දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'ඊ නිව්ස් තහනම් කර පලක් නැහැ' - මුදල් හා මාධ්‍ය ඇමති.
Homeගොසිප්

'ඊ නිව්ස් තහනම් කර පලක් නැහැ' - මුදල් හා මාධ්‍ය ඇමති.

PropellerAds

වාරණය කියන එක 21 වැනි සියවසට අදාළ කාරණාවක් නොවන බවත්, අද කිසිම වෙබ් අඩවියක් තහනම් කිරීම පලදායක නොවන බවත්  තහනම් කිරීමට උත්සහ කිරීම පසු බෑම...

බීමතින් විදුලි රැහැන් කණුවකට නැඟි තරුණයෙක් විදුලිසැර වැදී මියයයි
අර්ජුන් ගැන සිංගප්පූරු අගමැතිතුමාගෙනුත් ඇහුවා-ඒත් සහයක් නෑ-ජනපති
අභ්‍යන්තර අර්බුද මත ස්වර්ණවාහිනීයේ සජීවි වැඩසටහන් නවතියි

වාරණය කියන එක 21 වැනි සියවසට අදාළ කාරණාවක් නොවන බවත්, අද කිසිම වෙබ් අඩවියක් තහනම් කිරීම පලදායක නොවන බවත්  තහනම් කිරීමට උත්සහ කිරීම පසු බෑමක් බවත් මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ලංකා ඊ නිවුස් තහනම ගැන අදහස් දක්වමින් මංගල සමරවීර මහතා මේ බව සඳහන් කළේ ‘මාධ්‍යයේ දේශපාලනය‘ මැයෙන් ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය සංවිධානය කර තිබූ වැඩසටහනකට එක්වෙමිනි.

මෙම වැඩසටහන අද (05) ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ දී පැවැත්විණි.

'' කිසියම් වෙබ් අඩවියක් තාක්ෂණයෙන් යම් කලකට හෝ නවත්තන්න පුළුවන් වුණත් ප්‍රොක්සි වෙබ් අඩවි හරහා ඒව කියවන්න පුළුවන්. ලංකා ඊ නිවුස් එකේ ලිපි මම තාමත් කියවනව ඒ විදියට. ඒ නිසා,” යැයි ඔහු එහිදී පැවසීය.

දේශපාලනය සහ ජනමාධ්‍ය අතර ගැටුම :

දේශපාලනය සහ ජනමාධ්‍ය අතර ගැටුම ප්‍රජාතන්ත්‍රවාදයට අත්‍යාවශ්‍ය සාධකයක් බව පැවසු අමාත්‍ය මංගල සමරවීර මහතා, ඉන් කිසියම් පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වය පරයා යන්නේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදයට හානිකර බව ද කියා සිටියේය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේද පැවසිය.

“මේ දේශනය ගැන කල්පනා කර කර ඉන්න අවස්ථාවේ මට පොතක් කියවන්න ලැබුණ Constructive news කියල. ඒක එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අමෙරිකා එක්සත් ජනපදය එක්ව කළ සමීක්ෂණයක්. එහි සඳහන් වෙන්නේ 2017 අවුරුද්දේ ජනතාවට විශ්වාසවන්තම වෘත්තියන් පිළිබඳවයි.

ඉහළින් ම සඳහන් වන්නේ හෙද වෘත්තිය ඊළගට වෛද්‍ය වෘත්තිය. අන්තිම කෙළවරේ සඳහන් වෙනවා දේශපාලනය. ඒක එහෙයි මෙහෙයි කියල වෙනසක් නැහැ අපි කවුරුත් ඒක පිළිගන්න දෙයක්.

නමුත් ඊට උඩින් තියෙන්නෙ ජනමාධ්‍යවේදීන් කියලයි. අපි දෙගොල්ලොම වගේ එක ම බෝට්ටුවක ඉන්නෙ.

ඇමරිකාවෙ නෙවෙයි මෙහෙ සමීක්ෂණයක් කළත් මේ හා සමාන ප්‍රතිචාරයක් ලැබෙයි කියල මම හිතනවා.

දෙගොල්ලොම එක වගේ :

දේශපාලනඥයන්ට වගේ ම ජනමාධ්‍යවේදීනුත් විශ්වාසය අඩුවෙන් දිනාගත්ත පිරිසක් බවට පත් වෙලා තියෙන්නෙ ඇයි කියල අපි සමීක්ෂණය කරන්න ඕනෙ. ජනමාධ්‍ය කියන්නෙ රටක් පවත්වාගෙන යන ප්‍රධාන කුලුනක්.

දේශපාලඥයෝ කඩාවැටෙද්දි ජනමාධ්‍ය කියන කුලුනත් කඩාගෙන වැටෙනවා නම් ප්‍රජාතන්ත්‍රවාදයකට විශාල පහරක් එල්ල වෙන්න පුළුවන්.

වෙබ් අඩවියක පුවතක් පළ වෙන්නෙ යන්නෙ තත්පර කිහිපයක් නිසා වෘත්තීය ජනමාධ්‍යවේදීනුත් ඒ සමග තරග කරන්න යාමෙන් සත්‍ය යට යනව ද කියන දේ ගැනත් අපි හිතන්න ඕනෙ.

මට මතක් වෙනවා ප්‍රවීණ පුවත්පත් කලාවේදී ගුණදාස ලියනගේ මහතා ලියපු ශ්‍රී ලංකාවේ පුවත්පත් මෙල්ල කිරීම කියන පොතේ වාක්‍ය කිහිපයක්. ''රජයක් මගින් යම් රටක පුවත්පත් පාලනය කරයි නම් එය එම රටේ නිදහසේ අවසානයයි. එමෙන් ම පුවත්පත් පළ කිරීමට සම්බන්ධ භාරදූර ජාතික වගකීම්වලට ගරු නොකර යම් පුවත්පත් පළ කරයි නම්  එය ද රටක නිදහසේ අවසානයයි.

ඒ වගේ ම එතුම ඒ පොතේ අන්තිමට මෙහෙම ලියනවා. නිදහස් රටක් නිදහස සුරක්ෂිත කර ගැනීම සඳහා ඇති හොඳ ම මාර්ගය නම් ආණ්ඩුව සහ පුවත්පත අතර පවතින ගැටුමයි. එය ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට අත්‍යාවශ්‍ය දෙයකි. දෙපක්ෂය සදාකාලික සටන් කරනවා විනා යම් විදියකින් එක් පක්ෂයක් ජයග්‍රහණය කළහොත් එය ප්‍රජාතන්ත්‍රවාදයේ පරාජයයි. ''

ගැටුම අත්‍යාවශ්‍ය සාධකයක් :

දේශපාලනයේ සහ ජනමාධ්‍යයේ ගැටුම ප්‍රජාතන්ත්‍රවාදයට අත්‍යාවශ්‍ය සාධකයක්. ගැටුමක් තියෙන්නෙ ඕනෙ. අපි දෙගොල්ලො කරට අතදාගෙන රාජකාරි කරන්නෙ ගියොත් අපි දෙගොල්ලගෙම වැඩේ හරියට සිද්ධ වෙන්නෙ නෑ. අපට මතකයි පසුගිය  යුගයදි ජනමාධ්‍යයට වඩා රජය කොතරම් ශක්තිමත් වුණා ද, ජනමාධ්‍යවේදීන් කී දෙනෙක් අපට අහිමිවුණා ද කියල.

ඒ නිසා ම ජනමාධ්‍යයන් රජයේ හීලෑ ගෝලබාලයන් ලෙස කටයුතු කරපු කාලයකුත් තිබුණ. නමුත් අපට යළිත් වතාවක් ඒ තත්ත්වය සමබර කරන්න අපට පුළුවන් වුණා මේ පසුගිය අවුරුදු දෙක හමාරක කාලය තුළ.

තොරතුරු දැනගැනීමේ පනත වැනි පනත් අපි සම්මත කරගෙන, ජනමාධ්‍යවේදීන්ට තමන්ගෙ මතය ඕනෑම විදියකට පළ කිරීමට අවස්ථාව ලබා දීල තියෙනවා. තහංචි මොකුත් ජනමාධ්‍යවේදීන්ට දාල නැහැ.

රාජපක්ෂලා කරලියට ගෙන්න :

ඊයේ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයේ දී එතුම ඇහුවෙ කාටත් තේරෙන දෙයක්. ලෝකයේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන නියෝජනය කරමින් බොහෝ පිරිසක් පැමිණිලා, ජනමාධ්‍යවේදීන්ට ශ්‍රී ලංකාවේද විතරක් නෙවෙයි ලෝකේ කිසිම රටක ද බාධා පැමිණිවීමට එරෙහිව සාකච්ඡා කරපු උත්සවේ කෝ අපේ ජනමාධ්‍යවේදී මහත්වරු. නමුත් මේ කර්තෘවරුන් ම මාධ්‍ය නිදහස නැති කිරීමට වගකිව යුත්තන් ම යළි වතාවක් කරළියට ගේන්න දිවා රෑ වැඩ කරනවා.

රජයේ ජනමාධ්‍ය පෞද්ගලික ජනමාධ්‍යට වඩා සාධාරණව අද ප්‍රවෘත්ති ලබා දෙනවා. නමුත් අපි කියල තියෙනව ගැහුවොත් පොඩ්ඩක් ගහන්න කියල. අපටත් මොකක් හරි කියන්න අයිතියක් තියෙනවනෙ. නමුත් එදා වගේ අපේ විරුද්ධවාදීන්ගේ අම්මල තාත්තල මතක් කරල බනින්නෙ නෑ.

ඒකාලෙ ගුවන්විදුලි සංස්ථාවේ හිටිය මහත්තයෙක් එයා මගෙ අම්ම මතක් කරල තියෙනවා සිය වතාවකට වඩා, මට නපුංසකයා කියල තියෙනව දෙසිය වතාවකට වඩා. ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්තිවලින් පස්සෙ තිබුණ තවත් ඒ වගේ වැඩසටහනක්.''


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'ඊ නිව්ස් තහනම් කර පලක් නැහැ' - මුදල් හා මාධ්‍ය ඇමති.
'ඊ නිව්ස් තහනම් කර පලක් නැහැ' - මුදල් හා මාධ්‍ය ඇමති.
http://ift.tt/2Axl4Gc
https://i.ytimg.com/vi/5DQL-crhYoY/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_310.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_310.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy