සිංගප්පූරු ගිවිසුම හරහා න්‍යෂ්ටික අපද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමට ආණ්ඩුව කටයුතු කර ඇති බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය පවසයි. එහි සභාපති...
සිංගප්පූරු ගිවිසුම හරහා න්‍යෂ්ටික අපද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමට ආණ්ඩුව කටයුතු කර ඇති බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය පවසයි.
එහි සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් මේ බව කියා සිටියේ හදබිම සුරකින ජාතික සටන යන තේමාව යටතේ කොළඹ ඊයේ (05) සංවිධාන කර තිබූ පරිසර සමුළුවකට එක්වෙමිනි.
එහිදී උන්වහන්සේ මෙසේ අදහස් දැක්වීය.
“මම අරගෙන ආවා සිංගප්පුරු ගිවිසුම. මලික් සමරවික්‍රම මහත්තයා මේ සිංගප්පුරු ගිවිසුමත් එක්ක අත්සන් කරලා තියෙනවා මේ රට කුණු ගොඩක් බවට පත් කරන්න. සිංගප්පුරුව ඉවත ලන සායනික අපද්‍රව්‍ය සඳහා ශ්‍රී ලංකාවේ දොරටු විවර කරලා තියෙනවා. සිංගප්පුරු වැසියා දාන මල අපද්‍රව්‍ය ටිකත් ලංකාවට ගේන්න මේ ගිවිසුමේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි බැර ලෝහ අපද්‍රව්‍ය, රසායනික අපද්‍රව්‍ය විතරක් නෙවෙයි අවාසනාවන්තම තත්ත්වය තමයි න්‍යෂ්ටික අපද්‍රව්‍යත් ගේන්න ලෑස්ති කරලා තියෙනවා. මේ රට මලික් හිතනවා නම් කුණු ගොඩක් කියලා, මලික්ගේ අම්මගේ දේපොළක් නෙවෙයි මේක. රනිල් වික්‍රමසිංහගේ අම්මගේ දේපොළක් නෙවෙයි මේක. මේක අපේ රට කියන එක මතක තියා ගන්න ඕනේ ඔය හැමෝම.”
COMMENTS