දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"බුදු පිළිමයක් කඩා විනාශ කරලා" - රන්ගිරි දඹුලු අනු නායක හිමි (PHOTOS)
Homeප්‍රවෘත්ති

"බුදු පිළිමයක් කඩා විනාශ කරලා" - රන්ගිරි දඹුලු අනු නායක හිමි (PHOTOS)

PropellerAds

දඹුල්ල බකමුන ප්‍රධාන මාර්ගයේ රිදී ඇල්ල රක්ෂිතය අසන්නේ වසර ගණනාවක් සිට එහි  ප්‍රධාන මාර්ගයේ ගමන් කරන රථ වාහන හිමියන් පඬුරු දමන  බුද්ධ ප්‍රත...

රනිල් දිවුරුම් දෙයි! ආණ්ඩුව පැත්තෙන් ජයඝෝෂා නගයි! (video)
ආණ්ඩුවේ දුෂ්ඨයන් සුළු පක්‍ෂවලට එරෙහි කුමන්ත‍්‍රණයක.. කලින් කුමන්ත‍්‍රණයෙන් අගමැති ඝාතනය කලා - රාජ්‍ය ඇමති
ලංකාව ගැන එක්සත් ජාතීන්ගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !

දඹුල්ල බකමුන ප්‍රධාන මාර්ගයේ රිදී ඇල්ල රක්ෂිතය අසන්නේ වසර ගණනාවක් සිට එහි  ප්‍රධාන මාර්ගයේ ගමන් කරන රථ වාහන හිමියන් පඬුරු දමන  බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ පින්පෙට්ටිය සිව්වන වතාවටත් 18 දින රාත්‍රියේ කිසියම් පිරිසක් කඩා විනාශ කොට දමා ඇතැයි එහි විහාරාධිකාරී ස්වාමින් වහන්සේ දඹුල්ල පොලිසියට පැමිණිලි කොට තිබේ.

මෙම ස්ථානයේ තැන්පත් කොට තිබූ  බුද්ධ ප්‍රතිමා වහන්සේට සහ එහි ආවරණය සඳහා යොදා තිබූ වීදුරු පෙට්ටියට මෙවර කිසියම් පිරිසක් ප්‍රහාරයක් එල්ල කොට විනාශ කර දමා ඇතිබව  සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ අනුනායක   රංගිරි දඹුල්ල රංගිරි පාය රජමහ විහාරාධිපති කුඹුක් කඳන්වල නන්දවිමල හිමියෝ පවසති.

උන්වහන්සේ කියා සිටියේ තම විහාරස්ථානයට අයත් විහාරයක භාරකාරත්වයෙන් යුතුව මෙම ස්ථානයේ වඩාහිඳුවා සිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙන්ම පිංකැටය අවස්ථා කිහිපයක දී කඩා සුනු විසුනු කර දමා තිබුණු බවය.

කෙසේවෙතත් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ තම ගම්මානයේ ම කණ්ඩායමක් විසින් මෙම අපරාධය සිදු කරන බවට තොරතුරු රැසක් අනාවරණය වී තිබෙන බවය .තොරතුරු පිළිබඳව සියලු දත්තයන් දඹුල්ල පොලිසියට ලබාදී ඇතැයිද උන්වහන්සේ පවසති.

බකමූණ ප්‍රධාන මාර්ගයේ ගමන් කරන රථ වාහන හිමියන් රක්ෂිතයට ඇතුළු වන ස්ථානයේ පිහිටි මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ ළඟ පඬුරු දමා කොළ අත්තක් එල්ලා එම ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීම වසර ගණනාවක සිට ම්ප්‍රදායිකව සිදු කරගෙන එනු ලබන බවය. මෙම ස්ථානයේ ලැබෙන පඬුරු ආධාර ප්‍රදේශයේ විහාරස්ථානයේ වැඩිදියුණු කිරීම සඳහා යොදා ගන්නා බවත්ය .

ප්‍රාදේශීය දේශපාලඥයකු ඇතුළු පිරිසක් මෙහි ආදායම් ලබාගැනීම කාලයක සිට  සිදුකොට ඇතැයි උන්වහන්සේ පවසති. පඬුරු ආදායම අහිමි වීමත් සමඟ ගමේ පන්සලත් එක්ක උරණ වූ පිරිසක් මෙම අපරාධය සිදු කරමින් පවතින බවද උන්වහන්සේ සඳහන් කරති.

දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා කියා සිටියේ මෙම පැමිණිල්ල පිළිබඳව සොයා බැලීමට විශේෂ පොලිස් කණ්ඩායමක් කලුන්දැව අඟුණකොළපෑලැස්ස ප්‍රදේශයේ රාජකාරිය සඳහා යවා තිබෙන බවය. එමෙන්ම එකම ගම්මානයේ දෙපිරිසක් අතර කාලයක් තිස්සේ පවතින ආරවුලක් බුදු පිළිම වහන්සේ ගෙන් සහ පින් කැට වලින් පිරිමහන බවට මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි හෙතෙම සඳහන් කළේය. කෙසේ වෙතත් මෙම අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව ද සඳහන් කළේය.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "බුදු පිළිමයක් කඩා විනාශ කරලා" - රන්ගිරි දඹුලු අනු නායක හිමි (PHOTOS)
"බුදු පිළිමයක් කඩා විනාශ කරලා" - රන්ගිරි දඹුලු අනු නායක හිමි (PHOTOS)
http://am.lk/media/k2/items/cache/b883997139c3e38cfcdc8b208c063aa7_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/photos_21.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/photos_21.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy