මේ රටේ කෘෂි ක්ෂේත්‍රය දියුණු කිරීම සදහා ඕනම මට්ටමක රටින් ගෙන්වන්න දේවල් අධෛර්ය කරන්න බදු වැඩි කරන්න කටයුතු කරන බවත් ඒ වගේම ගොවියට දෙන්...
මේ රටේ කෘෂි ක්ෂේත්‍රය දියුණු කිරීම සදහා ඕනම මට්ටමක රටින් ගෙන්වන්න දේවල් අධෛර්ය කරන්න බදු වැඩි කරන්න කටයුතු කරන බවත් ඒ වගේම ගොවියට දෙන්න පුළුවන් ඉහළම සහන ලබාදෙන්න කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සංකලපයකට අනුව ක්‍රියාත්මක වන වැවු දහසයි ගම්දහසයි වැඩ සටහන යත්තේ අම්බලන්තොට මුලන ප්‍රද්ශයේ පැවති 334 වන වැඩසටහන එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව කියා සිටියේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
''ගොවි ජනතාවට කිසියම් ආණ්ඩුවක් පසුගිය කාලෙ සහන ලබාදීලා තියෙනව නම් ඒ සියලුම කාලවලට වඩා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගෙ ආණ්ඩුවෙන් සහන ලබාදීලා තියෙනවා. අපේ මිනිස්සු වගා කරන එක නවත්තන්න හේතුව තමයි ගොවීන්ගේ අස්වනු වෙළඳපොළට එනකොට ඒවා රටින් ගෙන්වනවා. අපේ ගොවීන්ගේ දේවල් තුට්ටු දෙකය ගන්නවා. ඒ නිසා අපේ මිනිස්සු වගා කරන එක අතහැරියා. නමුත් අපි දැන් ඒ සඳහා වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. එමෙන්ම වී මිලදී ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශෙ ලක්ෂ 49ක් වෙන් කරලා තියෙනවා. අපි සියලු වී මිල දී ගන්නවා. අපේ වී අසවැන්න වැඩි වුණොත් පාන් පිටි ගේන එක පොඩ්ඩක් අඩු කරන බවද අමාත්‍ය මහින්ද මරවීර මහතා මෙහිදී කියා සිටියේය. අද අපි 304 වෙනි ගම්මානෙ වැඩ ආරම්භ කරන්නෙ. අපි සතියකට ගම්මාන 12කවත් වැඩ ආරම්භ කරන්න ඉදිරි කාලෙ සැලසුම් කරලා තියෙන්නෙ. මේවා ආරම්භ කරලා ගම තුළ ක්‍රියාත්මක කරනවා. වැව් දාහයි ගම් දාහයි වැඩ සටහන වැව හදලා අවසන් වන වැඩසටහනක් නෙවෙයි. මේ වැඩසටහන අවසන් වෙන කොට මේ ගමේ සියලු සංවර්ධන වැඩ කරලා දෙන්නවා ''
'' පාරවල් හදලා, පාසල්වල අඩුපාඩු සකස් කරලා ඊට අතිරේකව මේ ගෙවල්වල වහලවල් හදා ගන්න ලක්ෂ 03 ගානෙ ආධාර දීලා වැසිකිලි සඳහා රුපියල් 30000 ගානෙ ආධාර දීලා, විදුලිබලය නැති හැම කෙනෙකුටම රුපියල් 30000ක ආධාරයක් දෙනවා වගේම ඉදිරි කාලයෙදිත් අවශ්‍ය දේවල් ලබාදෙන්න සූදානම්. මේ මොන දේ දුන්නත් ඔබ ධනාත්මකව හිතන්නෙ නැත්නම් අපිට මේ ගම දියුණු කරගන්න බැරි වෙනවා. මෙම වැඩසටහන අවසානෙදි අපි තෝරනවා ලංකාවෙ හොඳම ගම්මානෙ සහ හොඳම ගෙවත්ත, හොඳම ගොවියා මෙන්ම මේ සඳහා කැප වුණු හොඳම ක්ෂේත්‍ර නිලධාරියාව තෝරලා ඒ අයව අගය කරන්න තෑගි ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.ඒවගේම අපේ මී ළඟ ජාතික සැලැස්ම තමයි කලාප මට්ටමින් බෝග වගා කිරීමේ ජාතික සැලැස්ම. අපිට අවශ්‍ය ආහාර අපේ රටේ වගා කරගැනීමේ සැලැස්ම. විදේශ රටවලට අවශ්‍ය දේවල් අපේ රටෙන් යවලා සල්ලි හොයන වැඩ පිළිවෙල දියත් කිරීම තමයි ඊ ළඟ ක්‍රියාන්විතය බවට පත් වෙන්නෙ.''
“මේ සකස්කර තිබෙන වැඩ පිළිවෙල දිගටම ක්‍රියාත්මක කළොත් 2025 වන විට අපේ රටට අවශ්‍ය ආහාරවලින් 95%ක්ම අපේ රට තුළ නිෂ්පාදනය කර ගැනීමේ හැකියාවක් පවතිනවා. අපි වැඩි වශයෙන් දකින්නෙ වැඩිහිටි අය තමයි වගාවට යොමු වෙලා ඉන්නෙ. අපි තරුණයින්ට ආරාධනා කරනවා මේ වැඩපිළිවෙලට සම්බන්ධ වෙන්න කියලා. අපි පසුගිය මාස එකහමාරකට පෙර මඩකලපුවේ ජව සම්පන්න තරුණයින් 500ක් තෝරාගෙන පුහුණු කරලා ග්‍රීන් ක්‍යුකම්බර් වගාව සඳහා යොමු කළා. සමහර තරුණයින් එල් ටී ටී ඊ එකටත් සම්බන්ධ වෙලා හිටපු අය. දැන් අස්වනු නෙළන්න ආසන්නයි. සමහරු කියනවා උතුරේ නැවතත් යුද්ධය ඇතිවේවි කියලා. අපි රට පාවාදෙනවා කියලා. අපි මේ ආණ්ඩුව තුළ ඉන්නකන් රට පාවලා දෙන කිසිදු වැඩපිළිවෙලකට අපි ඉඩ තියන්නෙ නෑ. නැවත මේ රටේ ත්‍රස්තවාදය ඇතිවෙන්න කිසිදු ඉඩක් තියන්නෙ නෑ. සමහරු කියනවා සිංගප්පූරුවත් එක්ක ගිවිසුමක් තියෙනවා ඒ නිසා එහෙන් පළතුරු ගෙන්වනවා කියලා. අපේ රටේ නිෂ්පාදනය වෙන එළවළු පළතුරු කිසිම දෙයක් පිට රටින් ගේන්න ඉඩතියන්නෙ නෑ. එහෙම තත්වයක් තියෙනව නම් අපි ඒවා නවත්වන්න කටයුතු කරනවා.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
(රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට)
COMMENTS