දකුණු පළාතේ ළමා නිවාසගත වන ළමුන් සංඛ්‍යාව අඩු වීම හේතුවෙන් පසුගිය වසර හතර තුල ළමා නිවාස පහක් වසා දැමීමට පියවර ගනු ලැබූ බැව් දකුණු පළාත් ස...
දකුණු පළාතේ ළමා නිවාසගත වන ළමුන් සංඛ්‍යාව අඩු වීම හේතුවෙන් පසුගිය වසර හතර තුල ළමා නිවාස පහක් වසා දැමීමට පියවර ගනු ලැබූ බැව් දකුණු පළාත් සමාජ සේවා හා පරිවාස කොමසාරිස් මහේෂ් රාජිත කරුණානායක මහතා පවසයි.
2014 වසර වන විට දකුණු පළාතේ ලමා නිවාස විසිනවයක බාලවයස්කාර දරුවන් එක්දහස් පන්සිය හැටක් සිටි අතර මේ වන විට එම සංඛ්‍යාව දරුවන් අටසිය පණස් හය (856) දක්වා පහත වැටී ඇතැයි දකුණු පළාත් පරිවාස හා සමාජසේවා කොමසාරිස් වරයා සඳහන් කලේය.
දකුණු පළාත් සමාජ සේවා හා පරිවාස අමාත්‍යංශයේ ප්‍රධානතම තේමාව වී ඇත්තේ ළමුන් නිවාස ගතවීම වැලැක්වීය යයිද සඳහන් කල පරිවාස කොමසාරිස්වරයා ආර්ථික අපහසුතා නිසා නිවාසගතවීමේ අවදානමක් සහිත දකුණු පළාතේ දරුවන් පන්සියයක් සඳහා මේ වන විට මසකට රුපියල් දහස බැගින් සහනාධාරයක් ලබාදෙමින් අදාල දරුවන් ඔවුන්ගේ ඥාතීන්ගේ සෙවනේම රැඳවීමට කටයුතු කරනු ලැබ ඇති බවද අණාවරණය කලේය.
(ලලිත් චාමින්ද)
COMMENTS