ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් අතර අද (12) පැවති ඓතිහාසික හමුවේදී කරුණු 4කින් යුතු ට්‍රම්ප්-කිම් ...
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් අතර අද (12) පැවති ඓතිහාසික හමුවේදී කරුණු 4කින් යුතු ට්‍රම්ප්-කිම් ප්‍රඥප්තියකට අත්සන් කර තිබේ.
දෙරටේම ජනතාවගේ කැමැත්ත පරිදි සාමය හා සමෘද්ධිය අත්පත් කර ගැනීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය සහ උතුරු කොරියාව අතර නව සබඳතා ඇතිකර ගැනීමට කැපවීම.
කොරියානු අර්ධද්වීපය තුළ දීර්ඝ කාලීන සාමයක් ස්ථාපිත කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට පියවර ගෙන ඇත.
2018 අප්‍රේල් 27 වැනිදා ඇති කරගත් පැන්මුන්ජොම් ප්‍රඥප්තිය අනුව යමින් කොරියානු අර්ධද්වීපය සම්පූර්ණයෙන්ම න්‍යෂ්ටික හරණයකට ලක්කිරීමට යළි ප්‍රතිඥා දීම.
යුද සිරකරුවන් පෙරළා සියරටට ගැනීම සහ ගැටුම්වලදී අතුරුදන් වූවන්ගේ පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට දෙරටම කැපවීම.
COMMENTS