දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

රටේ පාලනය යළි මහින්ද අතට ගැනීමේ සැලසුමක්?

ඉතා කෙටි කාලයක්‌ තුළ බිහිකළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද වන විට රටේ ප්‍රබලතම දේශපාලන පක්‍ෂය බවට පත්ව ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාම...

රටේ පාලනය යළි මහින්ද අතට ගැනීමේ සැලසුමක්?

ඉතා කෙටි කාලයක්‌ තුළ බිහිකළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද වන විට රටේ ප්‍රබලතම දේශපාලන පක්‍ෂය බවට පත්ව ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් බේද කරවීමට ඇතැමුන් ගෙන යන ක්‍රියාවලියට මුහුණ දීමට තමා සුදානම් බවත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

සිංහල හින්දු අළුත් අවුරුද්දෙන් අනතුරුව බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී ඊයේ (19) වැඩ ආරම්භ කිරීමේ අවස්‌ථාවට එක්‌වෙමින් ඔහු මේ බව පැවැසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙරට ප්‍රබල දේශපාලන පක්‍ෂය බව පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පැහැදිලි වූ බවත් හෙතෙම සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ බැසිල් රාජපක්‍ෂ මහතා,

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භ කර වසර 1 1/2 ක වැනි කාලයකදී පළාත් පාලන මැතිවරණයකදී ආයතන 200 කට වැඩි ප්‍රමාණයක්‌ ජයග්‍රහණය කරමින් මහජන නියෝජිතයන් වැඩිම පිරිසක්‌ සිටින පක්‍ෂය බවට පත්වෙලා. මහජන නියෝජිතයන් වැඩිවීමත් සමග දැන් වගකීම්ද වැඩිවී තිබෙනවා.
අපි ජයග්‍රහණයෙන් ආඩම්බර නොවී මහජනතාවට පක්‍ෂපාතීව කටයුතු කිරීමට බැඳී සිටිනවා. අපේ ශක්‌තියේ ප්‍රධාන කරුණු දෙක වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හා සාමාජිකත්වයයි.
පසුගිය නොවැම්බර් මාසයේ පැවැති පළාත් පාලන මැතිවරණයේ කටයුතු පෙරේදා (18) පුදුකුඩුඉරුප්පු නිලවරණයෙන් අවසන් වූවා. එම කටයුතු අවසන් වීමෙන් පසු ඊළඟ ඡන්දයට සූදානම් වෙනවා. ඉදිරි මැතිවරණ කටයුතුත් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මෙහෙයවනවා.

අපි බේද කිරීමට, වෙන් කිරීමට කවුරුන් කටයුතු කළත් අපි ඒවාට යටත් නොවී ජනතාව වෙනුවෙන් නිහතමානීව සේවය කරනවා. දිවයිනේ පළාත් පාලන ආයතන තුන්සිය ගණනින් දෙසීයකට වැඩි ප්‍රමාණයක බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවී තිබෙනවා. දැන් අපට විශාල වගකීමක්‌ පැවරී තිබෙනවා. “

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරු 16 ක්‌ විපක්‍ෂයට එක්‌වීමට සූදානමක්‌ තිබෙන බවත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ 13 ලක්‍ෂයක්‌ පමණ වූ ඡන්ද දායකයන්ගෙන් දසලක්‍ෂයක්‌ පමණ පසුගිය පෙබරවාරි 11 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්‌වූ බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ දෙකක්‌ බවත් ප්‍රශ්න අවසන් නිසා දැන් අපට ඇත්තේ ඊළඟ මැතිවරණයත් දිනා ගැනීම යැයිද බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
රටේ පාලනය අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබා ගැනීම සිය එකම පරමාර්තය වන බව ද ඔහු වැඩිදුරටත් පැවසී ය.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රටේ පාලනය යළි මහින්ද අතට ගැනීමේ සැලසුමක්?
රටේ පාලනය යළි මහින්ද අතට ගැනීමේ සැලසුමක්?
http://am.lk/media/k2/items/cache/cb83e92c2f565d85fd4c67cc50ade173_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_646.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_646.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy