දිගින් දිගටම ඔත්තු සේවාවල උගුල්වලට පය තබමින් ඒකාබද්ධ විපක්‌ෂය පැමිණි බවත් 19 වැනි සංශෝධනයට පය තිබූ බවත් ඊට පසු ව්‍යවස්‌ථා සම්පාදන මණ්‌ඩලය ...
දිගින් දිගටම ඔත්තු සේවාවල උගුල්වලට පය තබමින් ඒකාබද්ධ විපක්‌ෂය පැමිණි බවත් 19 වැනි සංශෝධනයට පය තිබූ බවත් ඊට පසු ව්‍යවස්‌ථා සම්පාදන මණ්‌ඩලය ඇතුළට රිංගා ඊට සුජාත භාවය ලබාදුන් බවත් වෛද්‍ය වසන්ත බණ්‌ඩාර මහතා පවසයි.
ජාතික සංවිධාන එකමුතුව ඊයේ (19) රාජගිරියේදී පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් සභාව ඇමතූ බණ්‌ඩාර මහතා මෙසේද කියා සිටියේය.
“බෙදුම්වාදී එන්. ජී. ඕ. මහත්වරු මුල සිටම කියූ දෙයක් තිබෙනවා. එක්‌සත් ජාතික පක්‌ෂය හරහා ගෙන එන ව්‍යවස්‌ථා සංශෝධනයක් මේ මහ පොළවේ පැළ කරන්න බෑ. ඒකට ජනතා විරෝධයක් එල්ල වෙනවා. ඒ නිසා උත්සාහ කරන්න ඕනෑ ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂය හරහා මේක ගෙනවිත් යෝජනා කර සම්මත කරගන්න. ඒ අනුව චන්ද්‍රිකා නෝනා යොදාගෙන අවුරුදු ගණනක් උත්සාහ කළා. නමුත් ඒක කරගන්න බැරි වුණා. ඒ නිසා දැන් එතනිනුත් එහාට ගිහින් ඔවුන් බේදුම්වාදී ව්‍යවස්‌ථාව 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට මරාගෙන මැරෙන්න විරුද්ධ වූ මිනිස්‌සු ලව්වා අනුර දිසානායක ලවා මෙම සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන එන්න. මේ රටේ ජනතාව සහ දේශපාලන පක්‌ෂ සියල්ල අන්දවලා සතුරා බොහෝ දුරක් දක්‌ෂ විදිහට ඉදිරියට ගිහින්.“
“අපි කියනවා ඒකාබද්ධ විපක්‌ෂයට මේ මහා කුමන්ත්‍රණය තේරුම් ගන්න. මේ උගුලට පය තියන්න එපා. 19 වැනි සංශෝධනයට පය තිබ්බා. ඊට පස්‌සේ ව්‍යවස්‌ථා සම්පාදන මණ්‌ඩලය ඇතුළට රිංගලා ඒකට සුජාත භාවය ලබාදුන්නා. ඒ ආදී වශයෙන් දිගින් දිගටම මේ ඔත්තු සේවාවල උගුල්වලට පය තබමින් තමයි මේ ඒකාබද්ධ විපක්‌ෂය ආවේ. දැන් මේ උගුලට පය තැබුවොත් අපි කියනවා බන්දුල ගුණවර්ධන මහත්තයා ප්‍රමුඛ මේ ඒකාබද්ධ විපක්‌ෂ මන්ත්‍රීවරුන්ට මේ පාවා දීම ඔවුන් කරන අවසන් පාවා දීමයි. මේක කරායින් පස්‌සේ රටක් ඉතිරි වන්නේ නෑ. ආයෙත් මැතිවරණ තියලා දිනන්න පුළුවන් කියලා හීන දකිනවා නම් මේ රටේ ජනතාව ඒ වරදට ආයේ සමාවක් දෙන්නේ නෑ.“ වෛද්‍ය වසන්ත බණ්‌ඩාර මහතා පැවසීය.
මාධ්‍ය හමුවට එක් වෙමින් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු, ආචාර්ය ගුණදාස අමරසේකර මහතා මෙසේද පැවසී ය.
“මේ රජය පවත්වාගෙන යන්නේ බටහිර බලවේගයන්වල වුවමනාවට. ඔවුන්ගේ වුවමනාවට ව්‍යවස්‌ථාව වෙනස් කරන ඒකට ඡේවිපියත් එම කුමන්ත්‍රණයේ කොටස්‌කරුවෙක් වෙලා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් දහතුන් වන සංශෝධනයත් අහෝසි කළ යුතුයි. ජනාධිපති සිරිසේනට ආණ්‌ඩුවෙන් ඉවත් වෙන්න අවශ්‍ය වුණත් ඒකට බටහිර බලවේග ඉඩ නොදෙන තත්ත්වයක් උදා වෙලා.“
විධායක ජනාධිපති ක්‍රමය විසින් ඇති කර තිබෙන දේශපාලන ස්‌ථාවරත්වය අපට වැදගත් බවත් විධායක ජනාධිපති ක්‍රමය යම් බලතල සංශෝධනය කළ යුතු බවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සඳහන් කළේය.
මාධ්‍ය හමුවට එක් වෙමින් ඒ මහතා මෙසේද පැවසී ය.
“ජනාධිපති ක්‍රමය රෝග නිධානය නෙමෙයි. අපි ඒක තේරුම්ගත යුතුයි. දේශපාලන ස්‌ථාවරත්වය සඳහායි ඡේ. ආර්. ජයවර්ධන විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන්නේ. දැන් ඒ පසුබිම අවසන්. මුළු ලෝකයටම සිද්ධ වී තිබෙනවා සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසුව කැමැති වුණත් නැති වුණත් මේ නව ලිබරල් ව්‍යාපෘතියට අවනත වෙන්න. විධායක ජනාධිපති ක්‍රමය විසින් ඇති කර තිබෙන දේශපාලන ස්‌ථාවරත්වය අපට වැදගත්. විධායක ජනාධිපති ක්‍රමය යම් බලතල සංශෝධනය කළ යුතුයි. නමුත් මේ ක්‍රමය අහෝසි කළහොත් ජනවාරි අට ව්‍යාපෘතිය සාර්ථකයි. රට අවුල් වෙනවා, අස්‌ථාවර වෙනවා. ආරාජික වෙනවා, බෙදුම්වාදයට රට දෙකඩ කිරීමට අවස්‌ථාව උදා වෙනවා. මැද ඉඳලා පාලනය කරන්න කෙනෙක් නැති වෙනවා.“ යැයිද ඔහු වැඩිදුරටත් පැවසී ය.
COMMENTS