හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අක්‍රීය කරනු ලැබූ නොරොච්චෝලේ ලක් විජය තාප විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රය ලබන 22 වනදා යථා තත්ත්වයට පත් කිරීමට...
හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අක්‍රීය කරනු ලැබූ නොරොච්චෝලේ ලක් විජය තාප විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රය ලබන 22 වනදා යථා තත්ත්වයට පත් කිරීමට හැකියාව පවතින බව බලාගාරයේ කළමනාකාර ඉන්ද්‍රසිරි ගාල්ලගේ මහතා පවසයි.
මේ වන විට එම නඩත්තු කටයුතු බාධාවකින් තොරව සිදු කරන බව ඔහු සඳහන් කළේය.
නොරොච්චෝලේ විදුලි බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කිරීම මඟින් විදුලිය නිෂ්පාදන කටයුතු අඩුවීමක් සිදු වුවද එය දෛනික විදුලි සැපයුමට බාධාවක් නොවන බව බලාගාරයේ කළමණාකාරවරයා අවධාරණය කළේය.
COMMENTS