දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබූ සැකකරුවන් හදුනා ගැනේ
Homeප්‍රවෘත්ති

කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබූ සැකකරුවන් හදුනා ගැනේ

PropellerAds

කතරගම - කිරිවෙහෙර රජමහා විහාරාධිපති, පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ට  වෙඩි තැබීම කතරගම - මහසෙන් දේවාලයේ අයිතිය සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක...

දුමින්ද නිදහස් කලාට භාරතගේ බිරිද විරෝධය දක්වයි
බැසිල් ආවා.. දැන් සහන දෙනවා… ඇමැති ලන්සා කටුනායක සිට කියයි - (video)
දුමින්ද සිල්වා නිදහස් කෙරේ ! බන්ධනාගාරයෙන් පිටව යයි
කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබූ සැකකරුවන් හදුනා ගැනේ

කතරගම - කිරිවෙහෙර රජමහා විහාරාධිපති, පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ට  වෙඩි තැබීම කතරගම - මහසෙන් දේවාලයේ අයිතිය සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක් මුල් කර ගනිමින් සිදුව ඇති බව දැනට සිදුකරන ලද පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත.

එමෙන්ම වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් ද මේ වන විට හඳුනාගෙන තිබේ.

ඊයේ රාත්‍රියේ නාහිමියන් සහ විහාරවාසී පූජ්‍ය වීදාපොල සෝභිත හිමියන්, ආගමික වතාවත්වල නිරත වී කිරිවෙහෙර උඩ මළුවේ සිට වැඩම කරමින් සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කිරිවෙහෙර නාහිමියන් සහ අනෙක් හිමි නම දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහරෝහල වෙත මාරු කර යැවනු ලැබීය.

හම්බන්තොට රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ධනුෂ්ක පෙරේරා මහතා සදහන් කළේ නාහිමියන්ගේ උදර ප්‍රදේශයට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බවත් වම් අතට සහ දකුණු පාදයට තුවාල සිදුව ඇති බවත්ය.

රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කිරීමෙන් පසුව නාහිමියන්ට ශල්‍යකර්මයක් ද සිදු කර ඇති අතර කෙසේ නමුත් වැඩිදුර ප්‍රතිකාර සඳහා උන්වහන්සේ ගුවන් මගින් කොළඹට රැගෙන ඒමට කටයුතු කර ඇත.

පහත මළුවේ සැඟව සිටි නාඳුනන පුද්ගලයින් තුන්දෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර කිරිවෙහෙර ආසන්නයේ නවතා තිබූ රතු පැහැති ජීප් රථයක නැගී පළා ගොස් තිබේ.

වෙඩි තැබීම සඳහා ඔවුන් පැමිණි යූ.පී. සී.ඒ.ජී. 8531 දරණ සුඛෝපභෝගී ජීප් රථය කතරගම පුද බිම ආසන්නයේ දමා ගොස් තිබියදී සොයා ගත් බව පොලීසිය සඳහන් කළේය.

වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් ඇතුළු සෙසු පුද්ගලයින් හඳුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 8ක් මේ වන විටත් විමර්ශණ ආරම්භ කර තිබේ.

වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කතරගම - කිරිවෙහෙර රජමහා විහාරයේ විහාරවාසී පූජ්‍ය තලගල ඥානේන්ද්‍ර හිමියන් කියා ඇත්තේ මහසෙන් මහදේවාලයේ ප්‍රධාන කපු මහතා වන මහේෂ් බණ්ඩාර සහ ඔහුගේ පවුලේ ඥාතීන් විසින් මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවට සැක පළ කරන බවයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබූ සැකකරුවන් හදුනා ගැනේ
කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබූ සැකකරුවන් හදුනා ගැනේ
http://am.lk/media/k2/items/cache/e6be2a91d10f9105a1d1dc08c6ea9291_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_189.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_189.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy