කෙසේ වෙතත් පසුගිය දා විජයග්‍රාහී දිනය සැමරීම සඳහා උතුරේ ජනතාවට ඉඩ ලබා දීම සම්බන්ධයෙන් රජයට නොයෙක් දේ පැවසුවත් එය කිසි විටෙකත් එල්.ටී.ටී.ඊ ...
කෙසේ වෙතත් පසුගිය දා විජයග්‍රාහී දිනය සැමරීම සඳහා උතුරේ ජනතාවට ඉඩ ලබා දීම සම්බන්ධයෙන් රජයට නොයෙක් දේ පැවසුවත් එය කිසි විටෙකත් එල්.ටී.ටී.ඊ සැමරුමක් නොවන බව ද කියා සිටි අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා එය යුද්ධයෙන් මිය ගිය ජනතාව සිහි කිරීම වෙනුවෙන් තිබු උත්සවයක් පමණක් බව ද පැවසීය.
වත්මන් රජය රණවිරුවන් සඳහා නිසි තැන ලබා දී ඇති බව සරත් ෆොන්සේකා අමාත්‍යවරයා පවසයි.
ඔහු පවසන්නේ රණවිරුවන් සඳහා නිසි තැන ලබා නොදුන් පිරිස් මේ වන විට ඔවුන් වෙනුවෙන් කිඹූල් කඳුළු හෙළන බවයි.
මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවතත් ත්‍රස්තවාදය හිස ඔසවන බවට කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ, මහින්ද රාජපක්ෂ මහතාට කිසි දෙයක් නොතේරෙන බවත් ඔහු සෑම විටම ජාතිවාදය ඇවිස්සීමට කටයුතු කරන බවත් ය.
එම වීඩියෝව පහතින්,
COMMENTS