හිටපු ආර්ථීක සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුවක් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ විභාග කිරිම වළකාලම...
හිටපු ආර්ථීක සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුවක් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ විභාග කිරිම වළකාලමින් පනවා ඇති අතුරු තහනම් නියෝගය ලබන 18 වැනිදා තෙක් දීර්ඝ කිරිමට අභියාචනාධිකරණය තීරණය කළේය.
පසුගිය ජනපතිවරණ සමයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව යෙදු ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කිරිමෙන් රජයට කෝටි ගණනක් අලාභ කළැයි ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පත්මන් සුරසේන සහ අර්ජුන් ඔබේසේකර යන මහත්වරු හමුවේ නඩුව කැඳවිණි.
COMMENTS