දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
“මිනීමරු මුෂාරෆ්” නීතිය හමුවට එනු!!” බෙනාසීර් භූතෝගේ දියණියෝ කතා කරති.
Homeප්‍රවෘත්ති

“මිනීමරු මුෂාරෆ්” නීතිය හමුවට එනු!!” බෙනාසීර් භූතෝගේ දියණියෝ කතා කරති.

PropellerAds

මෙයට දින දෙකකට පෙර හිටපු ජනපති මුෂාරෆ් සිය ෆේස්බුක් පිටුවේ වීඩියෝ පණිවුඩයක් පෝස්ට් කරමින් කියා සිටියේ බෙනාසීර් භූතෝගේ මරණයට වගකිව යුත්තේ ...

අරගලය ඉවර නෑ! අගෝස්තු 18 ආයෙමත් අන්තරේ කොළඹට එනවා! ලෑස්ති වෙලා ඉන්න!
අවසර ලබාදී ඇති පරිදි එම ‍නෞකාවට හම්බන්තොට වරායට ඇතුළුවීමට ඉඩ දෙන්න – ස්වාධින පක්ෂ එකමුතුව
මහින්දගේ දවසක ගුවන් ගමන් වියදම ලක්ෂ 8යි!
“මිනීමරු මුෂාරෆ්” නීතිය හමුවට එනු!!” බෙනාසීර් භූතෝගේ දියණියෝ කතා කරති.

මෙයට දින දෙකකට පෙර හිටපු ජනපති මුෂාරෆ් සිය ෆේස්බුක් පිටුවේ වීඩියෝ පණිවුඩයක් පෝස්ට් කරමින් කියා සිටියේ බෙනාසීර් භූතෝගේ මරණයට වගකිව යුත්තේ අන් කිසිවෙක් නොව ඇගේ සැමියා වන හිටපු නායක අසීෆ් අල් සර්දාරි බවයි. එම මරණයෙන් වැඩිම දේශපාලන වාසියක් ලබාගෙන රටේ නායක ධුරයට පත්වූයේ ඔහු බව එහිදී මුෂාරෆ් චෝදනාත්මක මුඛයෙන් කියා සිටියේය. එසේම සර්දාරි සහ තෙරීක් ඊ තලේබාන් සංවිධානයේ නායක බයිතුල්ලා මෙෂුඩ් අතර සමීප සබඳතාවක් පැවති බවට ද එහිදී ඔහු චෝදනා එල්ල කළේය.

එයට පසුදිනම බෙනාසීර්ගේ බාල දියණිය සිය ට්විටර් ගිණුම හරහා පවසා තිබුණේ මෙම ඝාතනයට ප්‍රසිද්ධිය ලබාදෙන, නමුත් ඝාතකයාට පළා යාමට ඉඩ සලසන මාධ්‍ය තමන්ට අප්‍රසන්න බවයි. තවත් ට්විටර් පණිවුඩයක ඇය මෙසේ සටහන් කර තිබිණි. 

"Blaming the victim. #ShameOnMusharraf”

“වින්දිතයාට දෝෂාරෝපණය. ලැජ්ජයි මුෂාරෆ්...”

බෙනාසීර්ගේ වැඩිමල් දියණිය වන භක්තවාර් ද ට්වීට් මාලාවක් මගින් මුෂාරෆ්ගේ ප්‍රකාශය හෙළා දැක තිබේ. “මුෂාරෆ් ටෝක් ෂෝ වලට සහභාගි වීම නතර කර අධිකරණට පැමිණිය යුතුය. බියසුල්ලා!”

Musharraf too busy on golf courses please come to Pakistan and face real courts #ArrestMusharraf 

මුෂාරෆ් ගොල්ෆ් ගැසීම නතර කර උසාවි ආ යුතුය. මුෂාරෆ් අත්අඩංගුවට ගනු!” යැයි තවත් ට්වීටයක ඇය සඳහන් කර තිබිණි.

බෙනාසීර් සිය පුතු සහ දියණියන් දෙදෙනා සමග එදා

බෙනාසීර්ගේ සැමියා හිටපු නායක අලි සර්දාරි, දියණියන් දෙදෙනා සමග අද

පාකිස්ථානයේ ප්‍රථම කාන්තා අගමැතිනිය වන බෙනාසීර් භූතෝ අති මහත් ජනතා ප්‍රසාදයක් සමගින් දෙවරක් ම අගමැති ධුරයට පත්වුවාය. 2007 දෙසැම්බර් 27 වැනිදා ඇය ගමන්ගත් රථ පෙරහැර රාවල්පිණ්ඩි නගරයේදී වෙඩි උන්ඩ සහ බෝම්බ ප්‍රහාරයකට මැදි වූයේ මැතිවරණ ප්‍රචාරක කටයුත්තක නියැළී සිටින අතරවාරයේ ය. එහිදී බෙනාසීර්, පාකිස්තාන ජනතා පක්ෂ නායකයා ඇතුළු 20 දෙනෙකුට ආසන්න පිරිසක් මරණයට පත්වූහ.

 

බෙනාසීර් රාවල්පිණ්ඩි රැළියේදී ඝාතනයට ලක්වීමට සුළු මොහොතකට පෙර.

1999 වසරේදී ලේ නොහැළෙන හමුදා කුමන්ත්‍රණයකින් බලයට පත්වූ 74 හැවිරිදි හිටපු ජනපති ජනරාල් පර්වියස් මුෂාරෆ් පසුගිය වසරේ පටන් ජීවත් වන්නේ ඩුබායි නගරයේ ය. බෙනාසීර් භූතෝ ඝාතන නඩුවට අවශ්‍ය පුද්ගලයෙකු ලෙස  චෝදනා ලබා සිටින අතරවාරයේ ඔහු මෙසේ විදේශ ගත වූයේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය බවට අධිකරණයෙන් අවසර ලබාගැනීමෙන් පසුව ය.

නමුත් අධිකරණය මග හරිමින් නැවත සිය රට නොපැමිණි ඔහු, ‘අධිකරණයෙන් පළා යන්නෙක්’ වශයෙන් පසුගිය මාසයේදී බෙනාසීර් භූතෝ ඝාතන නඩුව විභාග කරන ත්‍රස්ත විරෝධී අධිකරණය විසින් ප්‍රකාශයට පත් කරන ලදී. මෙයට සමාන්තරව පාකිස්ථානය තුළ තිබෙන ඔහුගේ දේපළ රාජසන්තක කරන ලෙසට ද අධිකරණය නියම කර තිබේ. 

- අමාලි ජයවීර

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: “මිනීමරු මුෂාරෆ්” නීතිය හමුවට එනු!!” බෙනාසීර් භූතෝගේ දියණියෝ කතා කරති.
“මිනීමරු මුෂාරෆ්” නීතිය හමුවට එනු!!” බෙනාසීර් භූතෝගේ දියණියෝ කතා කරති.
http://ift.tt/2jUaSCK
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_490.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_490.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy