දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගැමි දැරියක සමාජ ශාලාවක අඩ නිරුවත් නැටුමට යොදාගෙන.
Homeප්‍රවෘත්ති

ගැමි දැරියක සමාජ ශාලාවක අඩ නිරුවත් නැටුමට යොදාගෙන.

PropellerAds

පහළොස් හැවිරිදි දැරියක් රාතී‍්‍ර සමාජ ශාලාවක සේවයේ යොදවාගෙන සිටියදී වැලිකඩ පොලිසිය විසින් සොයාගනු ලැබුවාය. රාති‍්‍ර සමාජ ශාලාවේ අනෙකුත් ...

පැරිස් සම්මුතිය ශී‍්‍ර ලංකාව තුළ බලාත්මක කරයි 
ජාපානයේ සිටි ලාංකිකයින් 30 පිටුවහල් - ආරක්ෂාවට 67ක් එයි
'අලියට අත දෙන්න එපා - අතට හෙණ්ඩුව ගන්න' - ඩලස් (VIDEO)

පහළොස් හැවිරිදි දැරියක් රාතී‍්‍ර සමාජ ශාලාවක සේවයේ යොදවාගෙන සිටියදී වැලිකඩ පොලිසිය විසින් සොයාගනු ලැබුවාය.

රාති‍්‍ර සමාජ ශාලාවේ අනෙකුත් නළඟනන් සමඟ මෙම දැරියද අඩ නිරුවතින් නැටීමට යොදවාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇතැයි වැලිකඩ පොලිසියේ නිලධාරියෙක් පැවැසීය. දුම්මලසූරිය පොලිස් වසමේ පදිංචි මෙම දැරිය තවමත් පාසල් යන සිසුවියක බවද පොලිසිය පවසයි.

රාතී‍්‍ර සමාජ ශාලාවේ නර්තන ඉදිරිපත් කිරීමට යොදාගත් බව කියන මෙම බාල වයස්කාර දැරිය ලිංගික අපයෝජනයන්ට ලක්වී ඇත්දැයි සොයා ගැනීමට ඇය වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට රෝහල් ගත කර තිබෙන බව ද පොලිසිය සඳහන් කරයි.

ගමේ පදිංචි නිතර නිවසට යන එන දන්නා හඳුනන 18 හැවිරිදි තරුණියක් ඇයගේ යෙහෙළියකගේ විවාහ මංගල උත්සවයට යන නිසා තනියට කැඳවාගෙන යන බව පවසා තම දියණිය පසුගිය 16 වැනිදා කැඳවාගෙන ගියත් ඇය ආපසු නොපැමිණි බව පවසා මෙම දැරියගේ දෙමාපියන් දුම්මලසූරිය පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

දුම්මලසූරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්. එම්. ජයවීර මහතා සහ එම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂිකා ශිරෝමි පි‍්‍රයදර්ශනී මහත්මිය පරීක්ෂණයක් පවත්වා හෙළිකරගත් තොරතුරු වැලිකඩ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් අස්මඩල මහතාට දැනුම්දී ඇත.

මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමේදී දැරිය වැලිකඩ පොලිස් වසමේ රාතී‍්‍ර සමාජ ශාලාවක රඳවාගෙන සිටින බව හෙළිවී යැයි පොලිසිය කියයි. පසුව ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අස්මඩල මහතාගේ උපදෙස් හා මෙහෙයවීම යටතේ දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අශෝක් කුමාර් මහතා ප‍්‍රධාන පොලිස් කණ්ඩායමක් එම රාති‍්‍ර සමාජ ශාලාවට ගොස් දැරිය සොයාගෙන ඇයගෙන් ප‍්‍රකාශයක් ලබාගෙන ඇය වැඩිදුර පරීක්ෂණ සඳහා දුම්මලසූරිය පොලිසියට භාරදී තිබේ.

විවාහ මංගල උත්සවයට කැඳවාගෙන යන බව කියා දැරිය නිවසින් කැඳවාගෙන ගිය 18 හැවිරිදි තරුණිය පසුව ඇය මෝටර් රථයක නංවාගෙන දුම්මලසූරියේ සිට වැලිකඩ රාති‍්‍ර සමාජ ශාලාව වෙත රැගෙන ගොස් තිබෙන බව පොලිසියෙ පවසයි.

බාල වයස්කාර දැරිය රවටා ඇය රාති‍්‍ර සමාජ ශාලාවේ සේවය සඳහා කැඳවාගෙන ගිය 18 හැවිරිදි තරුණිය හා දැරිය රැගෙන ගිය මෝටර් රථය‍ රියැදුරාද අත්අඩංගුවට ගැනීම දුම්මලසූරිය පොලිසිය පුළුල් පරීක්ෂණයක් පවත්වාගෙන යයි.

දැරිය කැඳවාගෙන ගිය ඉකුත් 16 වැනිදා සිට 20 වැන්දා රාති‍්‍රය දක්වා තමා මෙම සමාජ ශාලාවේ රඳවාගෙන සිටි බවත් එහි සිටින අනෙක් නළඟනන් සමඟ තමාට ද අඩ නිරුවතින් නැටීමට සිදුවූ බවත් දැරිය පොලිසියට ප‍්‍රකාශ කර ඇත. රාති‍්‍ර සමාජ ශාලාවට පැමිණෙන අයට නර්තනයේ යෙදෙන කාන්තාවන්ට පැළඳීමට මල්මාලා විකිධෑමට තිබෙන බවත් එම මල්මාලා මිලදීගෙන කැමැති නර්තන ශිල්පිනියකට පැළඳිය හැකි බවත් ඒ අනුව තමන්ටද මල් මාලා පැළඳූ බවත් ඇය පොලිසියට පවසා ඇති බව පැවසේ.

රාති‍්‍ර සමාජ ශාලාවට පැමිණි මැදි වයසේ පසුවන පුද්ගලයකු බාලවයස්කාර දැරිය ලිංගික කි‍්‍රයා සඳහා මිලදී ගැනීමට එහි සේවකයකුගෙන් ඉල්ලා ඇති බවත් ඔහු තමාව එම මැදිවයසේ පුද්ගලයාට දීමට ගිය අවස්ථාවේ තරුණ තවත් සේවකයකු එයට ඉඩ නොදුන් බවත් ඇය පොලිසියට පවසා තිබෙන බව කියති.

පොලිසිය මෙම රාති‍්‍ර සමාජ ශාලාව ඊයේ (22) වටලා ගණිකා වෘත්තියේ නිරතව සිටි බව කියන රූමත් කාන්තාවන් පස් දෙනකුද බලපත‍්‍ර නොමැතිව විදේශීය මත්පැන් විකිධෑමේ චෝදනාවට තිදෙනකුද සේවකයන් දහ දෙනකුද අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි.

බලපත‍්‍රයක් නොමැතිව මෙම රාති‍්‍ර සමාජ ශාලාව පවත්වාගෙන ගොස් ඇති බවපරීක්ෂණවලින් අනාවරණය වූ බවත් මෙහි අයිතිකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කරගෙන යන බවද පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

කාන්තා උප පොලිස් පරීක්ෂිකා රාජපක්ෂ, පොලිස් සැරයන්වරුන් වන මොහාන් (56798), බණ්ඩාර (30294) කොස්තාපල්වරුන්වන කුමාර (67574), දයාවංශ (68571). පීරිස් (68336), ජානක (68272), සරත් (37037), අසේල (75789) සහ කාන්තා කොස්තාපල් කසුනි (9868) යන මහත්ම මහත්මීහුද මෙම වැටලීමට හවුල්වී තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගැමි දැරියක සමාජ ශාලාවක අඩ නිරුවත් නැටුමට යොදාගෙන.
ගැමි දැරියක සමාජ ශාලාවක අඩ නිරුවත් නැටුමට යොදාගෙන.
http://ift.tt/2xDI32W
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_585.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_585.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy