ගිං ගඟ, කළු ගඟ, කැලණි ගඟ, නිල්වලා ගඟ, මහවැලි ගඟ, මහඔය සහ අත්තනගළු ඔය අවට පහල කොටස්වල ජනතාවට අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ද...
ගිං ගඟ, කළු ගඟ, කැලණි ගඟ, නිල්වලා ගඟ, මහවැලි ගඟ, මහඔය සහ අත්තනගළු ඔය අවට පහල කොටස්වල ජනතාවට අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.
නෝර්වුඩ් ප්‍රදේශයෙන් කැලණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති අතර නාගලගංවීදිය, හංවැල්ල සහ කිතුල්ගල ප්‍රදේශවලට තවදුරටත් ගංවතුර අනතුරු ඇඟවීම් බලපැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
කළු ගඟ පිටාර ගැලීම හේතුවෙන් රත්නපුර සහ මිල්ලකන්ද ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් හටගෙන තිබේ.
තවලම සහ බද්දේගම ප්‍රදේශයෙන් ගිං ගඟ පීටාර ගැලීම හේතුවෙන් එම ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එමෙන්ම මහඔය පිටාර ගැලීම නිසා බඩල්ගම ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති අතර ගිරිඋල්ල ප්‍රදේශයට තවදුරටත් ගංවතුර ඇති වීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
අත්තනගලුඔය පිටාර ගැලීම නිසා දූනමලේ ප්‍රදේශයේ ද ගංවතුර තත්ත්වයක් හටගෙන තිබේ.
මේ අතර මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් නාවලපිටිය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති අතර පේරාදෙණිය ප්‍රදේශයට ගංවතුර ඇති වීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
COMMENTS