රාජ්‍ය ව්‍යවසායන්හි අධ්‍යක්ෂවරුන් ලෙස පත්කරනු ලැබ සිටින මහා භාණ්ඩාගාරයේ නියෝජිතයන් තවදුරටත් තම වගකීම්වල නිරතව සිටින අතර ඇතැම් මාධ්‍යන්හි ...
රාජ්‍ය ව්‍යවසායන්හි අධ්‍යක්ෂවරුන් ලෙස පත්කරනු ලැබ සිටින මහා භාණ්ඩාගාරයේ නියෝජිතයන් තවදුරටත් තම වගකීම්වල නිරතව සිටින අතර ඇතැම් මාධ්‍යන්හි වාර්තා කළ ආකාරයට කිසිවෙකුත් තම අධ්‍යක්ෂ ධූරවලින් ඉල්ලා අස්වී නොමැති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතනයන්හි අධ්‍යක්ෂ මණ්ඩලවලට මහා භාණ්ඩාගාරයේ නියෝජිතයන් ලෙස නිල බලයෙන් පත්ව සිටින අධ්‍යක්ෂවරුන් බහුතරයක් ඉල්ලා අස්වූ බවට ඇතැම් මාධ්‍යවල වාර්තා පළවී තිබුණි.
මහා භාණ්ඩාගාරයෙන් පත්කරන ලද අධ්‍යක්ෂවරුන්ගේ සමූහ ඉල්ලා අස්වීම යැයි පළ කරන ලද සත්‍ය විකෘති කරන ලද ප්‍රවෘත්තිය දැඩිසේ ප්‍රතික්ෂේප කළ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂවරුන් ලෙස පත්කරන ලද මුදල් අමාත්‍යාංශයේ මහා භාණ්ඩාගාරයේ කිසිදු නිලධාරියෙකු තම ධූරවලින් ඉල්ලා අස්වී නොමැති බව ප්‍රකාශ කළේය.
“වැරදි නොකරන නිලධාරීන්ව අප නිරන්තරයෙන්ම ආරක්ෂා කරනවා. යහපාලන රජය යටතේ තිබෙනුයේ දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොර අධිකරණයකි. එහෙයින් වැරදිකළ අධ්‍යක්ෂවරුන් සිටිත් නම් අපට කරන්න දෙයක් නැහැ. එවන් අයට එරෙහිව අධිකරණ ක්‍රියාවලියක් සිදුවේවි “ යැයි රවී කරුණානායක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS