උතුරුමැද පළාත් ප්‍රධාන ලේකම්වරයා ලබාදුන් නියෝගයක් බලරහිත කරමින් පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය අද (06) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබ...
උතුරුමැද පළාත් ප්‍රධාන ලේකම්වරයා ලබාදුන් නියෝගයක් බලරහිත කරමින් පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය අද (06) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ, උතුරුමැද මාර්ග සංවර්ධන අධිකාරියේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ගොනුකළ පෙත්සමක් සැළකිල්ලට ගැනීමෙන් අනතුරුවයි.
අසත්‍ය චෝදනා මත තමන් සේවයෙන් පහකර අධිකරණය මගින් නිදොස් කොට නිදහස් කර යළි සේවයේ පිහිටුවන ලෙස දැනුම්දී තිබියදී කාර්යාල භූමියට ඇතුලූවීම තහනම් කරමින් ප්‍රධාන ලේකම්වරයා නියෝගයක් නිකුත් කර ඇති බව පවසා ඔහු මෙම පෙත්සම ගොනුකර තිබිණි.
එය සැළකිල්ලට ගත් පළාත් අභියාචනා මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා එම නියෝගය බල රහිත කරමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ අතර වගඋත්තරකරුවන්ට මෙම මස 27 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේය.
COMMENTS