දිවයිනේ දිස්ත‍්‍රික්ක 14 කට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට පවුල් 18,542 කට අයත් පුද්ගලයින් 84,943 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා ...
දිවයිනේ දිස්ත‍්‍රික්ක 14 කට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට පවුල් 18,542 කට අයත් පුද්ගලයින් 84,943 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අකුණු සැර වැදීම්, දියේ ගිලීම්, ඉවුරු හා ගස් අතු කඩාවැටීම් හේතුවෙන් මේ වන විට මරණ 11ක් වාර්තා ඇතැයි ද එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
පවතින ගං වතුර හා නායයෑම් අවදානම හේතුවෙන් පවුල් 7526 කට අයත් පුද්ගලයින් 27,621 දෙනෙකු අවතැන්ව සිටින අතර ඔවුන් ආරක්ෂිත ස්ථාන 194 ක රඳවා සිටිති.
මහනුවර, ගාල්ල, රත්නපුර, බදුල්ල, නුවරඑළිය, කෑගල්ල, කළුතර, ගම්පහ, කොළඹ, කුරුණෑගල, පුත්තලම, මාතලේ, මොණරාගල, මාතර, සහ පොළොන්නරුව දිස්ත‍්‍රික්කයන්ට මෙම ආපදා තත්ත්වය බලපා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් වන අතර එම දිස්ත‍්‍රික්කයේ ඇහැලියගොඩ, කුරුවිට, නිවිතිගල, රත්නපුර, ඇලපාත, කහවත්ත, කලවාන, කිරිඇල්ල, පැල්මඩුල්ල, ඕපනායක, අයගම, බලංගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පවුල් 6133කට අයත් 24,625 දෙනෙක් පීඩාවට පත්ව සිටින අතර ඉන් පවුල් 493කට අයත් 1,951 දෙනෙක් ආරක්‍ෂිත ස්ථාන 38ක රඳවනු ලැබ ඇතැයි ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
මීට අමතරව ගම්පහ දිස්ත‍්‍රික්කයේ ගම්පහ, අත්තනගල්ල, දොම්පේ, මිනුවන්ගොඩ, වත්තල, බියගම, දිවුලපිටිය, මීරිගම, කැලණිය, ජා ඇල, මහර සහ කටාන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පවුල් 1590කට අයත් පුද්ගලයින් 22,673 දෙනෙක්, පුත්තලම දිස්ත‍්‍රික්කයේ මහවැව, දංකොටුව, මුන්දලම, ආරච්චිකට්ටුව, පල්ලම, කරුවලගස්වැවල ආණමඩුව, නාත්තන්ඩිය, හලාවත ඇතුළු ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 14ක පවුල් 4,256කට අයත් පුද්ගලයින් 12,760 දෙනෙක් සහ කොළඹ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 5ක, පවුල් 1945කට අයත් පුද්ගලයින් 7482 දෙනෙක් පීඩාවට පත්ව සිටින බව ඔහු සඳහන් කළේය.
එමෙන්ම කෑගල්ල දිස්ත‍්‍රික්කයේ පවුල් 1,150කට අයත් 4,316 දෙනෙක්, කළුතර දිස්ත‍්‍රික්කයේ පවුල් 933කට අයත් 3,370 දෙනෙක්, කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පවුල් 1,595 කට අයත් 5,866 දෙනෙක්, මහනුවර දිස්ත‍්‍රික්කයේ පවුල් 231කට අයත් 996 දෙනෙක්, නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ පවුල් 221කට අයත් 832දෙනෙක්, ගාල්ල දිස්ත‍්‍රික්කයේ පවුල් 341කට අයත් 1,387 දෙනෙක්, බදුල්ල දිස්ත‍්‍රික්කයේ පවුල් 123 කට අයත් 516 දෙනෙක්, මාතර දිස්ත‍්‍රික්කයේ පවුල් 19කට අයත් 84 දෙනෙක්, පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ පවුල් 4කට අයත් 13 දෙනෙක් සහ මොණරාගල දිස්ත‍්‍රිත්තයේ පවුලක තිදෙනෙක් මෙලෙස පීඩාවට පත්ව සිටිති.
මෙම ආපදා තත්ත්වයේ බලපෑමෙන් නිවාස 29 සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 2,527කට අර්ධ හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
COMMENTS