උඩවලව ජලාශයේ වාන් දොරටු විවෘතව ඇති විට එම වේල්ල මතින් ඇති මාර්ගයේ බර වාහන ධාවනයෙන් වැලකී සිටින ලෙස වැඩබලන ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් සිය...
උඩවලව ජලාශයේ වාන් දොරටු විවෘතව ඇති විට එම වේල්ල මතින් ඇති මාර්ගයේ බර වාහන ධාවනයෙන් වැලකී සිටින ලෙස වැඩබලන ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
උඩවලව වේල්ල ආශ්‍රිත ප්‍රදේශයේ අද (18) පෙරවරුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
උඩවලව වේල්ලේ සිදුව ඇති සුළු ඉරි තැලීම් තත්ත්වය පිළිබඳව මේ වන විට පරීක්ෂණ සිදු කෙරෙන අතර ඒ සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කර ගත යුතු නොවන බවෙ රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා එහිදී මෙසේ අදහස් දක්විය.
“ජනතාවට පළමුවෙන්ම කිව යුතු දේ තමයි කලබල වෙන්න කිසිම දෙයක් නෑ. ඉංජිනේරු මහත්වරු කියන විදියට සාමාන්‍ය තත්ත්වයක් තියෙන්නේ. වාන් දොරටු ඇරියාම ඉතාමත් බර වාහන වාන් දොරටුව ඇති පාලම මතින් ගමන් කිරීම පරික්ෂණයන්ට බාධාවක්. වාහන ගමන් කිරීම තහනම් නෑ. ඉතාමත් ම බර වාහන පමණක් පරීක්ෂණ කටයුතු අවස්ථාවල සීමා කිරීමක් පමණයි කරලා තියෙන්නේ. ඇත්තටම මේ තත්ත්වය සාමාන්‍ය දෙයක් කියලයි ඉංජිනේරු මහත්තුරු කියන්නේ. මේවාට පිපිරුම් කියලා නෙවෙයි ඉරි තැලීම් වගේ කීවාට කමක් නෑ. ජනතාවට කලබලයක් ඇතිවිය යුතු කිසිම දෙයක් වෙලා නෑ. සාමාන්‍ය විදියට උඩවලවේ ජලාශයේ කටයුතු සිදු වෙනවා. මේ වන විට වාන් දොරටු වහලා තියනවා.”
COMMENTS