රටේ දැනට තිබෙන ණය බර අඩු කර ශක්තිමත් අර්ථිකයක් ඇති රටක් බවට මෙරට පත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය. අග්‍රාමාත්‍යයවරයා...
රටේ දැනට තිබෙන ණය බර අඩු කර ශක්තිමත් අර්ථිකයක් ඇති රටක් බවට මෙරට පත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.
අග්‍රාමාත්‍යයවරයා ඒ බැව් පවසා සිටියේ පුඩළුඔය ඩන්සිනන් මහත්මා ගාන්ධි ගම්මානය ජනතා අයිතියට කිරිමෙන් අනතුරුව ඊයේ (12) පැවැති ජන හමුවේදිය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ වත්මන් රජය මගින් ආරම්භ කර ඇති ගම්පෙරලිය සංවර්ධන ව්‍යාපෘතිය වතුකරයේද ක්‍රියාත්මක කරන බවයි.
ඉන්දියානු රජයේ ආධාර යටතේ කදුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය එක්ව වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉදි වන නිවාස යෝජනා ක්‍රමය යටතේ ඩන්සිනන් වතු යායේ නිවාස 404 ක් ඉදි කල අතර , එම නිවාස යෝජනා ක්‍රමය යටතේ ඉන්දියානු රජයේ රුපියල් ලක්ෂ 10 ක්ද කදුරට නව ගම්මාන සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යංශයෙන් රුපියල් ලක්ෂ දෙකක ඇතුළු එක් නිවසක් සදහා ලක්ෂ 12 ප්‍රතිපාදන වැය කර ඇත.
වර්ග අඩි 550 කින් සමන්විත මෙම එක් නිවසක් පර්චස් 7 ක ඉඩම් කැබැල්ලක තනි නිවාස වශයෙන් ඉදි කර ඇති අතර මෙම සැම නිවසකටම හිමිකම් ඔප්පුවක්ද වතු කම්කරුවන්ට ලබා දිමට රජය කටයුතු කර ඇත.
(හැටන් රංජිත් රාජපක්ෂ)
COMMENTS