වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින කාන්තා රැදවියන් පිරිසක් බන්ධනාගාර වහලය මත නැගී මේ වන විට විරෝධතාවක නිරතව සිටියි. අද (13) උදෑසන සිට මොවුන් ව...
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින කාන්තා රැදවියන් පිරිසක් බන්ධනාගාර වහලය මත නැගී මේ වන විට විරෝධතාවක නිරතව සිටියි.
අද (13) උදෑසන සිට මොවුන් විරෝධතාවයේ නිරතව සිටින බව වාර්තා වේ.
කාන්තා රැදවියන් 10 දෙනකු පමණ මෙම විරෝධතාවට එක්ව සිටින අතර ප්‍රමාද වී ඇති නඩු කටයුතු කඩිනම් කර දෙන මෙන් ඉල්ලමින් ඔවුන් මෙලෙස විරෝධතාව ආරම්භ කර තිබේ.
මෙම පිරිස මත් කුඩු ජාවාරම් සම්බන්ධව චෝදනා ලැබ බන්ධනාගාරගත කර සිටින පිරිසක් බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
COMMENTS