විශ්වාසභංග යෝජනාව පරාජයට පත්කිරීමෙන් අනතුරුව එජාප නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (05) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට ප...
විශ්වාසභංග යෝජනාව පරාජයට පත්කිරීමෙන් අනතුරුව එජාප නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (05) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණියේය.
එහිදී අගමැතිවරයා පක්ෂ ක්‍රියාකාරීන් සහ පාක්ෂිකයින් හමුවී සුහද කතාබහක නිරත වෙමින් විශ්වාසභංග යෝජනාව පරාජයට පත්කිරීමට සහයෝගය දැක්වූ සියළු දෙනා වෙත ස්තුතිය පළ කිරීමට කටයුතු කළේය.
අනතුරුව පක්ෂට මූලස්ථානයේ සංවිධානය කර තිබූ තේ පැන් සංග්‍රහයට සහභාගි වූ රනිල් වික්‍රමසිංහ මහතා එහිදී මාධ්‍යවේදීන් අමතමින් මෙසේ පැවසීය.
"වසර 03 කට පසු අපේ ආණ්ඩුව මෙවැනි විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීම පිළිබඳව අපි සතුටට පත් වෙනවා. මෙම විශ්වාසභංගයේදී ආණ්ඩුවට පක්ෂව වැඩි ඡන්ද 40 අධික ප්‍රමාණයක් ලැබුණා. මෙම විශ්වාසභංගය ඉදිරිපත් කර තිබුණේ ආණ්ඩුවටත්, මටත් විරුද්ධවයි. එම නිසා එය පරාජය කිරීමට උදව් උපකාර කළ සියළු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා.
දැන් අපි අළුත් ගමනක් ආරම්භ කළ යුතුයි. ආණ්ඩුවට සහයෝගය ලබාදෙන සියළු දෙනා එකතු කර ගනිමින් රට වෙනුවෙන් හොඳ වැඩසටහනක් ඇති කරමින් අපි ඉදිරියට යනවා. මෙම දින කිහිපය තුළ අපි එම වැඩසටහන පිළිබඳව සාකච්ඡා කරනවා.
එක්සත් ජාතික පක්ෂය තුළ අළුත් මුහුණුවලට වැඩි ඉඩක් ලබා දෙමින් පූර්ණ ප්‍රතිසංවිධානයක් ඇති කරනවා. ඒ අනුව අපි 2020 මැතිවරණයට සූදානම් වෙනවා. ශක්තිමත්ව ඉදිරියට යාමේ විශ්වාසය දැන් අපිට ලැබී තිබෙනවා" යැයි ද අගමැතිවරයා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS