දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොලීසිය ආණ්ඩුව ආරක්ෂා කරන ආයතනයක් නොවෙයි - ජනපති
Homeප්‍රවෘත්ති

පොලීසිය ආණ්ඩුව ආරක්ෂා කරන ආයතනයක් නොවෙයි - ජනපති

PropellerAds

පොලිසිය යනු ආණ්ඩුව හෝ දේශපාලනඥයින් ආරක්ෂා කරන ආයතනයක් නොව පොදු මහ ජනතාව ආරක්ෂා කරන ආයතනයක් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අවධාරණය කර...

හැමෝම හංගන විදුලි වර්ජනයේ ඇත්ත කතාව මෙන්න!
පොලිතින් හා ප්ලාස්ටික් ගිනි තැබුවොත් වසර දෙකක් හිරේ
අවුරුදු 20ක් තිස්සේ අපේ පාක්ෂිකයෝ දුක් වින්දා…. බැට කෑවා…. ඒවා අමතක නෑ….
පොලීසිය ආණ්ඩුව ආරක්ෂා කරන ආයතනයක් නොවෙයි - ජනපති
පොලිසිය යනු ආණ්ඩුව හෝ දේශපාලනඥයින් ආරක්ෂා කරන ආයතනයක් නොව පොදු මහ ජනතාව ආරක්ෂා කරන ආයතනයක් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අවධාරණය කරයි.
 
අපේ රටේ පසුගිය දශක කිහිපය පිළිබඳ අවධානය යොමු කිරීමේ දි ඇතැම් දේශපාලනඥයන් පොලිසිය තමන් වෙනුවෙන් භාවිතා කිරීමට මෙන්ම ඇතැම් පොලිස් නිලධාරින් දේශපාලනඥයින්ට සමීපවීමට කටයුතු කළ ආකාරය පිළිබඳ සාක්ෂි සහ සාධක රැසක් පවතින බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.
 
හෙතෙම මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (03) පස්වරුවේ බම්බලපිටිය පොලිස් කී‍්‍රඩාංගණයේ පැවති 150 වන පොලිස් දින සැමරුම් උත්සවය අමතමිනි.
 
රට තුළ නීතිය සහ සාමය ආරක්ෂා කිරීමේ පුළුල් වගකීමක් පොලිසියට පැවරී තිබෙන බව ද මෙහිදී පැවසූ ජනාධිපතිවරයා එය වගකීමකටත් වඩා එහා ගිය මානුෂීය කාර්යයක් බව ද කියා සිටියේය.
 
නව තාක්ෂණික ලෝකය සමග අපේ පොලිස් සේවාව ද වෙනස්කම්වලට භාජනය විය යුතු අතර අදට වඩා හෙට දවස වෙනුවෙන් පොලිස් සේවය සඳහා ලබාදිය යුතු නව තාක්ෂණික දැනුම, ශිල්පීය ඥානය, පුහුණුවීම් මෙන්ම ලබාදිය යුතු සියලු සම්පත් ලබාදීමට රාජ්‍ය ප‍්‍රතිපත්තිය අනුවම කටයුතු කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.
 
වසර 150 ක විශිෂ්ට පොලිස් ඉතිහාසය තුළ රට වෙනුවෙන් දිවි පිදු මෙන්ම කැපවී කටයුතු කළ ශී‍්‍ර ලංකා පොලීසියේ ඉහළ සිට පහළට සියලු නිලධාරින් වෙත මෙහිදි ජනාධිපතිතුමා සිය ගෞරවය සහ ස්තූතිය පුද කර සිටියේය.
 
ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ සමරු තිළිණයක් ද මෙහිදී පිරිනැමුණු අතර ශී‍්‍ර ලංකා පොලිසියේ 150 වන සංවත්සරය වෙනුවෙන් විශේෂ පළඳනාවක් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා වෙත පැළඳවීම ජනාධිපතිවරයා අතින් සිදු විය.
 
කථානායක කරූ ජයසූරිය, අමාත්‍ය සාගල රත්නායක, රවී කරුණානායක, රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන යන මහත්වරුන් ද ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ජගත් විජේවීර, නීතිපති ජයන්ත ජයසූරිය යන මහත්වරුන් ද පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු ශී‍්‍ර ලංකා පොලීසියේ සියලු ශ්‍රේණිවල නිලධාරින් මීට එක්ව සිටියහ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොලීසිය ආණ්ඩුව ආරක්ෂා කරන ආයතනයක් නොවෙයි - ජනපති
පොලීසිය ආණ්ඩුව ආරක්ෂා කරන ආයතනයක් නොවෙයි - ජනපති
http://ift.tt/2bVb4KW
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_48.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_48.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy