දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉල්ලන් කන්න එපා සජිත් ආණ්ඩුවට කියයි
Homeප්‍රවෘත්ති

ඉල්ලන් කන්න එපා සජිත් ආණ්ඩුවට කියයි

PropellerAds

පසුගිය ආණ්ඩුවත් මේ ආණ්ඩුවත් ජනතාවගේ සිතුම් පැතුම් ඉටු නොකර ජනතාවගෙන් ඉල්ලන් කෑ බවත් තමන් මෙරට පවුල් ලක්ෂ 60ක පුරවැසියන් වූ ලක්ෂ 210 ටම කවන...

‘19’ අහෝසි කරන්න අනිද්දා සුබ නැකතට ශ්‍රේෂ්ඨාධිකරණයට - මහින්දටත් යලි ජනාධිපතිවරණ වරම් !
දොස්තර ෂාෆි සහබ්දීන්ට නිදහස - චෝදනාවලට නිවැරදිකරු
"මේ කැබිනට් ඇමතිකම බල්ලෙක්ගේ රෝම කූපයක් තරම්වත් වටින්නේ නෑ" - බුද්ධික පතිරණ
ඉල්ලන් කන්න එපා සජිත් ආණ්ඩුවට කියයි

පසුගිය ආණ්ඩුවත් මේ ආණ්ඩුවත් ජනතාවගේ සිතුම් පැතුම් ඉටු නොකර ජනතාවගෙන් ඉල්ලන් කෑ බවත් තමන් මෙරට පවුල් ලක්ෂ 60ක පුරවැසියන් වූ ලක්ෂ 210 ටම කවන්නට තමන් ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස සංවර්ධන අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා 02 දින පැවසීය.

මහ බැංකුවේ බදු සහ වක්‍ර බදු පවතින බවත් මහ බැංකුව පෞද්ගලික බූදලයක් බවට පත් කිරීමට පත්කර ගැනීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බව සඳහන් කළේය. හැසිරිය යුත්තේ මහා භාණ්ඩාගාරයේ අයිතිකරුවන් විදියට නොව භාරකරුවන් හැටියට බව කිවේය . මහා භාණ්ඩාගාරයේ ඇති අරමුදල් තමන්ගේ පුද්ගලික බූදලයක් ලෙසත් අමාත්‍යංශ වල ඇති අරමුදල් සහ සම්පත් පුද්ගලික මුදල් ලෙස නොව ඒවා මහ ජනතාවගේ දේපළ බව සඳහන් කළේය.

එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී කියා සිටියේ ඉල්ලං කෑම මෙරට සිදුවන බවය. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් කැකිරාව මැතිවරණ කොට්ඨාශ පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වයා උල්පත ගම්මානයේ ඉදිවූ නිවාස සංවර්ධන අධිකාරියේ 54 වන ජන උදාන ගම්මානය වූ නව තිස් සැමරුම් ගම ජනතා අයිතියට පත් කර දීමේ උත්සවයට සහභාගි වෙමිනි.

නිවාස සංවර්ධන අධිකාරියේ තිස් නවවෙනි සැමරුම වෙනුවෙන් පලුගස්වැව වායෞල්පත නිවාස 25 කින් යුක්ත වූ නවතිස් සැමරුම් ගම ඉදිකොට ඇති බව නිවාස සංවර්ධන අධිකාරිය කියා සිටී. මෙහි ජනතාව ඇමතූ සජිත් පේමදාස මහතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් කියා සිටියේ නායකයින් ජනතාව ඉල්ලන දේ ලබා නොදී ඔවුන්ගේ හිතුමතයට ක්‍රියාකිරීම නිසා වර්තමාන ආණ්ඩුව ඉල්ලන් කෑ බව ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලන් කෑ අවස්ථා කිහිපයක් මතක් කර දෙමින් එමෙන්ම වර්තමාන ආණ්ඩුව ජනතාව ගෙන් ඉල්ලන් කෑ අවස්ථා කිහිපයක්ම සජිත් ප්‍රේමදාස මහතා මතක් කර දුන්නේය. මෙම පාලන තන්ත්‍රයේ වගකීම ජනතාව ලබාදී ඇත්තේ වසර පහකට හයකට පමණක් බවත් ජනතාව ලබා දී ඇති අවසර පත්‍රය වසර පහෙන් පහට හයට වෙනස් විය යුතු බවද සඳහන් කළේය. ඒවා අලුත් කළ ගත යුතු බව ද කීවේය.ඒ සඳහා මැතිවරණ එන බව ද හෙතෙම සඳහන් කළේය.

නිසිලෙස වැඩේ කලොත් බලපත්‍රය නැවත අලුත් වන බවත් නිසි ලෙස වැඩ නොකලොත් බලපත්‍රය අහෝසි වෙන බව ද හෙතෙම සඳහන් කෙළේය. මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ නිතර කථාබහට ලක්වන්නේ දේශපාලනඥයින්ගේ ජනතාව විසින් ලබාදුන් බලපත්‍රය අහෝසි වනවා ද පවත්වාගෙන යනවාද යන්න බවය.බොහෝ දෙනකු උත්සාහ කරනු ලබන්නේ බලපත්‍රය ලබා ගැනීමට බවත් දේශපාලඥයන් සිතිය යුත්තේ තමන්ගේ බලපත්‍රය සහ තමන් ඉන්න තැන හිතනවාට වඩා රට ගැන බවද කීවේය .

ජනගහනය ලක්ෂ 210ක් බවත් පවුල් ලක්ෂ 60කට අධික සිටින බවත් ම ජනතාව විසින් දේශපාලනඥයන්ගේ බලපත්‍රය අලුත් කරනවද අහෝසි කරනවාද යන්න තීන්දු කරන බවද හෙතෙම සඳහන් කෙළේය.

ජනතාව ඉල්ලන දේ දේශපාලන අධිකාරිය විසින් ලබා නොදෙන්නේනම් ඉබේටම ජනතාව ලබාදුන් බලපත්‍රය අහෝසි වන බව ද හෙතෙම සඳහන් කළේය. එවිට ජනතාව දේශපාලනඥයන්ට කියා සිටින්නේ යන්න ගෙදර යන්න විපක්ෂයට යන්න. විශ්‍රාම යන්න කියා ප්‍රකාශ කරන බවද කිවේය .

තමන්ගේ පියා ගේ පරණ කතාවක් තමන්ගේ මතකයට එන බවද එම කතාව ඉල්ලං කෑම යන වචනෙ ඇති බවද එම වචනය අදට හොඳාකාරව ම ගැළපෙන බව ද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය ජයග්‍රහණය කොට රට බේරාගත් නායකයා බවත් ඔහුට තමන්ගේ ස්තුතිය පළ කරන බවත් එහෙත් වසර දෙකක කාලයක් බලය තිබිය දී ඔහු වැඩි බලයේ සිටීම සඳහා දැරූ උත්සාහය නිසා අවසානයේදී ඉල්ලන් කෑ බව කීවේය. වර්තමාන ආණ්ඩුව කිසිදු සැලසුමකින් තොරව ජනතාවගේ සිතුම් පැතුම් හඳුනා නොගෙන පළාත් පාලන මැතිවරණයකට ගොස් ඉල්ලන් කෑ බව ද අවධාරණය කළේය.

ආණ්ඩුව ගොවියාට පොහොර සහනාධාරය ලබා දීමේ ක්‍රමවේදය වෙනස් කිරීම සහ තම පියාණන් විසින් ලබාදුන් පාසල් නිල ඇඳුම් ක්‍රමය වෙනස් කිරීම තුළින් ආණ්ඩුව නැවත වරක් ඉල්ලන් කෑ බව හෙතෙම අවධාරණය කළේය.

ඉදිරියේදී මෙරට මැතිවරණ පෝලිමක් පැමිණීමට නියමිත බව මෙම මැතිවරණ පෝලිම ගැන සිතා සදාචාර සම්පන්න දියුණු දේශපාලන ක්‍රමවේදයක් කරමින් ජනතාවගේ හදගැස්ම අවබෝධ කරගත යුතු බවත් එමෙන්ම මැතිවරණවලදී උපාධිධාරීන්ට සැලකුවේ නැතිනම් තම පාක්ෂිකයන්ට නොසලකා හැරියත් ඉඩම් ටික බෙදා නොදුනහොත් නිවාස ඉදිකිරීම් සිදු නොකළහොත් ගොවියා ධීවරයා කම්කරුවා සහ ජනතාව ආරක්ෂා නොකළහොත් මේ රජයටත් ඉල්ලන් කෑමට සිදු වන බව සඳහන් කළේය.

මෙම ඉල්ලන් කෑමේ කතාව තුළ තමන් යමක් ඉල්ලන්නේ ද කියා ප්‍රශ්න කරන බව සඳහන් කළේය. එහෙත් තමන් කිසිම දෙයක් නොඉල්ලන බවත් තමන් මොනවත් නොකන බව ද කීවේය. ජනතාවගේ ඉල්ලුමට සැපයුම ලබා දිය යුතු බව හෙතෙම කීවේය. ජනතාවගේ ඉල්ලුමට සැපයුම නොකළොත් ඒ අයටත් ඉල්ලන් කෑම සිදුවන බව කීවේය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ආණ්ඩුවට මහජනතාව හතරගාතේ වැටෙන්නට පරදුන් බවත් එම ප්‍රතිඵලයෙන් හෝ හැදෙන්න අවශ්‍ය බව කීවේය. ග නායකයින් නම්‍යශීලී විය යුතු බව ද පෙන්වා දුන්නේය. එසේ වෙනස් වීම නම්‍යශීලී ක්‍රම ඇතිවීම වරද පිළිගැනීම වැරදි නිවැරදි කර ගැනීම සාමාන්‍ය දෙයක් බවත් සඳහන් කළේය. පාසල් යන දරුවන් විභාග අසමත් වී නැවත පරාජය තේරුම්ගෙන පාඩම් කොට නැවත විභාගය පාස් වී ඉහලට ගමන් කරන්නේ නම් පාසල් දරුවන්ට එය සිදු කිරීමට හැකි නම් දේශපාලනඥයන්ට වැරදි නිවැරදි කොට නැවත උත්සාහ කිරීමට නොහැකි මන්දැයි තමන් ප්‍රශ්න කරන බව කීවේය.

ඉල්ලන් කාපු අවස්ථාවක තමන් මේ රටේ ජනතාවට ලබාදෙන එකම පණිවිඩය වන්නේ තමන් මේ රටේ කිසිම දෙයක් ඉල්ලන්නේ නැති බවත් මෙරට සියලුම ජනතාවට කවන්නට තමන් ඉදිරිපත්වන බව කීවේය.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉල්ලන් කන්න එපා සජිත් ආණ්ඩුවට කියයි
ඉල්ලන් කන්න එපා සජිත් ආණ්ඩුවට කියයි
http://am.lk/media/k2/items/cache/a0e666e5a840640d26e51d4a9f1914f4_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_60.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_60.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy