දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"මේ කැබිනට් ඇමතිකම බල්ලෙක්ගේ රෝම කූපයක් තරම්වත් වටින්නේ නෑ" - බුද්ධික පතිරණ
Homeප්‍රවෘත්ති

"මේ කැබිනට් ඇමතිකම බල්ලෙක්ගේ රෝම කූපයක් තරම්වත් වටින්නේ නෑ" - බුද්ධික පතිරණ

PropellerAds

‘‘දිස්ත්‍රික් සම්බන්ධීරණ කමිටුවේ තීන්දු තීරණ වෙනස් කරන නපුංසකයෝ ඇති.මතක තියා ගන්න අපි නපුංසකයෝ නෙවෙයි. අපි පිරිමි. මට මේ කැබිනට් ඇමතිකම බල්...

ධම්මපදය හා තිරුක්කුරල් කියවූ මිනිසකුගේ ඉරණම...
විජයදාස වෙනුවෙන් ගම්මන්පිලත් ඉදිරියට.
නව දේශපාලන සංස්කෘතිය ආදර්ශයට ගත යුතුයි
‘‘දිස්ත්‍රික් සම්බන්ධීරණ කමිටුවේ තීන්දු තීරණ වෙනස් කරන නපුංසකයෝ ඇති.මතක තියා ගන්න අපි නපුංසකයෝ නෙවෙයි. අපි පිරිමි. මට මේ කැබිනට් ඇමතිකම බල්ලෙක්ගේ රෝම කූපයක් තරම්වත් වටින්නේ නෑ. කොහොමත් මම අවුරුදු තුන හමාරක් මේවා නැතුව හිටියා.‘‘ යැයි අමාත්‍ය බුද්ධික පතිරණ මහතා ඊයේ (08) මාතර දී පැවසීය.
මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත් වූ මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී ඔහු ඒ බව ප්‍රකාශ කළේය.

අකුරැස්ස නගරයේ තහනම් කරන ලද ඉන්ධන පිරවුම් හලකට යලි බලපත්‍රය ලබා දීමට අත්සන් කර තිබේදැයි බුද්ධික පතිරණ මහතා මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරියාගෙන් විමසා සිටියේය.

ඊට පිළිතුරු දුන් මධ්‍යම පරිසර අධිකාරියේ මාතර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් සීක්කුබදු මහතා කියා සිටියේ ඒ ගැන මෙතැනදී කිව නොහැකි බවත් ඉහළ අධිකාරිය විසින් බලපත්‍රය දීම ගැන තීරණය ගෙන ඇති බවත්ය.

ඒ සමගම ආවේගශීලී වූ බුද්ධික පතිරණ මහතා මෙසේ ද කීවේය.

“ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ හා දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අනුමැතියකින් තොරව අකුරැස්ස නගරයේ නිල්වලා ගඟ ආසන්නයේ ඉන්ධන පිරවුම්හලක් යලි දාන්න ඉඩ දෙන්නේ නෑ කියලා අපි තීන්දුවක් ගත්තා. කලින් ෂෙඩ්කාරයා කීවා. ඕනෑම කොන්දේසියකට යටත් වෙන්නම්.එතැන ආරම්භ කරන්න ඉඩ දෙන්න කිව්වා. එතකොට අපි කිව්වා. කිසිම කොන්දේසියක් යටතේ එතැනට අවසර දෙන්නේ නෑ කියලා. ඔයා පිටි පස්සෙන් ඇවිත් ගෙදරට ඇවිත් අපිව හම්බ වෙන්න එපා කියලා. ප්‍රාදේශීය සංවර්ධන කමිටුව හා දිස්ත්‍රික් සංවර්ධන කමිටුව අනුමත කලොත් විතරයි යලි ගන්න පුලුවන් කියලා. දැන් මොන විදියකට ද ඔබතුමාලා ලියුමක් අත්සන් කරලා තියෙන්නේ.පරිසර අධිකාරියේ තමුන්නාන්සේ අවසරය දෙන්නේ නැතිව ප්‍රාදේශීය සභාවේ අනුමැතිය දෙන්නේ නැතිව බෑනේ ඒක කරන්න. ඉහල කලමණාකාරීත්වය එහෙම කොහොමද තීරණ ගන්නේ. මම හෙට උදේ මධ්‍යම පරිසර අධිකාරියේ ඉස්සරහ බිම වාඩි වෙනවා. මට මේ කැබිනට් ඇමතිකම බල්ලෙක්ගේ රෝම කූපයක් තරම්වත් වටින්නේ නෑ. ඒක මතක තියා ගන්න. හෙට වාඩි වෙනවා. බුද්ධික පතිරණ මධ්‍යම පරිසර අධිකාරිය ඉදිරිපිට.ඔය ගොල්ලන්ගේ එතැන ඉන්න ලොක්කන්ට කියන්න. හෙට මාව උදේ ගෙන්න ගන්න එපා කියලා. මට මේක ලොකු නෑ.මම කොහොමත් අවුරුදු තුන හමාරක් මේවා නැතුව හිටියේ."

"ඒ නිසා බල්ලෙක්ගේ රෝම කූපයක් තරම්වත් මට මේවා ලොකු නෑ.හෙට මාව ගෙන්න ගන්න එපා.මේක නවත්ත ගන්න කියන්න. එච්චරයි. ඒක ආයේ දෙකක් නෑ. මේ අපි නපුංසකයෝ නෙවෙයි.මෙහෙම තීන්දු ගන්න නපුංසකයෝ ඇති.මතක තියා ගන්න.අපි පිරිමි.අපි නපුංසකයෝ නෙවෙයි. මම තීන්දුවක් ගත්ත නම් ඒ තීන්දුව තීන්දුවමයි. මම නපුංසකයෙක් නවෙයි.තීන්දුව සැරින් සැරේ වෙනස් කරන්න. මට වැඩක් නෑ ෂෙඩ් එක ගන්න මිනිහගේ දේශපාලනය.හැබැයි ෂෙඩ් දාන්න බැහැ.නිල්වලා ගඟේ වතුර තමයි මෙතන ඉන්න සේරම බොන්නේ.මොකා මොන පාටින් තීන්දුව ගන්න කීවත් කොල පාටින් කීවත් නිල් පාටින් කීවත් කවුරු ගන්න කීවත් ඒ තීන්දුව වැරදියි.එච්චරයි කතාව. කැබිනට් ඇමතිවරයෙක් එතන ඉස්සරහ වාඩි කරවා ගන්න එපා කියන්න. ඒක ජනාධිපතිතුමාටත් හොද නෑ. ජනාධිපතිතුමා යටතේ තියන ආයතනයක්.ඒක නිසා මේක වෙන්න බෑ. මෙතන බෑ. ඩීසල් ලීටර් දොලොස් දාහක් ගඟට දාලා තවත් වතුර පොවන්න බෑ.එහෙනම් මම මොකටද මේ තනතුරේ ඉන්නේ. මම විසුරුවනවා. මම අස් වෙනවා. නෑ මම අස් වෙන්නේ නෑ. මම අස් වුනොත් ආයේ වෙන බල්ලෙක් දාගෙන මේක කරයි.ඒක කරන්නේ නෑ. ඉල්ලා අස් වෙන්නේ නෑ. අකුරැස්ස ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපති මම.මගේ තීන්දුවට පිටින් වැඩ කරන්නේ කොහොමද?ඒ නිසා මට උත්තර එපා.දැන් කතා කරන්න.සභාපතියටයි.සාමාන්‍යාධිකාරියටයි. ඒ දෙන්නට කියන්න.හෙට මාව ගෙන්න ගන්න එපා කියලා. මට ඔබතුමාගේ උත්තර එපා. මාතර මිනිස්සුන්ට වහ පොවන්න තෙල් පොවන්න.ඉන්ධන ලීටර් දොලොස් දාහක් ගඟට දාලා.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "මේ කැබිනට් ඇමතිකම බල්ලෙක්ගේ රෝම කූපයක් තරම්වත් වටින්නේ නෑ" - බුද්ධික පතිරණ
"මේ කැබිනට් ඇමතිකම බල්ලෙක්ගේ රෝම කූපයක් තරම්වත් වටින්නේ නෑ" - බුද්ධික පතිරණ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjd6OwxFKXMKazRyktaR4xfAa611oVINopO9rREjvX2aydp5K5RCewHskkki-sMVZyTYNWmvrtm60QtIVZISHLBR-_h-pZYskHvUiF0GyQYI_03752aFkVIF_1IBhwn-tnp3OhNkanZpTq2/s320/f8fcb1ef591c3f09e98629040a2aeb32_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjd6OwxFKXMKazRyktaR4xfAa611oVINopO9rREjvX2aydp5K5RCewHskkki-sMVZyTYNWmvrtm60QtIVZISHLBR-_h-pZYskHvUiF0GyQYI_03752aFkVIF_1IBhwn-tnp3OhNkanZpTq2/s72-c/f8fcb1ef591c3f09e98629040a2aeb32_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_564.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_564.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy