ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයක් තෝරා පත් කර ගැනීමේ සටන අත් නොහැර ඉදිරියටම ගෙන යන බව නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පී.පෙරේරා මහතා පවසයි. අද (26) උදෑ...
ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයක් තෝරා පත් කර ගැනීමේ සටන අත් නොහැර ඉදිරියටම ගෙන යන බව නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පී.පෙරේරා මහතා පවසයි.
අද (26) උදෑසන සිරිකොතේ පැවති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
ඊයේ (25) දිනයේ දී පක්ෂයේ ප්‍රධාන හා සෙසු තනතුරු කිහිපයක් සඳහා නව මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගත් අතර අද දිනයේ දි තනතුරු කිහිපයක් කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් තීරණය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදි කිරීම පවතින ව්‍යවස්ථාව තුළ සිදු කළ නොහැකි බවත් නිසැකයෙන්ම නව ව්‍යවස්ථාවක් ගෙන ඒම තුළින් එය කළ හැකි බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
පවතින ව්‍යවස්ථාව තුළ කළ හැකි සටන දිගටම කළ බවත් එය උපරිම ස්ථානයට පැමිණි බවත් කියා සිටි අජිත් පී. පෙරේරා මහතා පක්ෂය රැක ගැනීම සඳහා පක්ෂයේ විනය සීමාවේ සිටිමින් සටන් වදින බව ද කියා සිටියේය.
වර්තමානයේ පවතින සීමාවන් පිළිබඳ දුක්බර අත්දැකීමක් හිමිවු බවත් කිසි විටෙකත් තමා තියෙන දේ එලෙසින්ම බාර නොගන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
කෙසේ හෝ රුවන් විජේවර්ධන කමිටු වාර්තාව පක්ෂයට ඉදිරිපත් කළ යුතු බවත්, එය කළ හැක්කේ ව්‍යවස්ථා සංශෝධනයක් තුළ සිටිමින් බවත් කියා සිටියේය.
COMMENTS