ඊයේ (28) රාත්‍රියේ මතුගම - වැලිපැන්න හතේ කණුව ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් මියගොස් තවත් 03දෙනෙකු තුවාල ලබා තිබේ. යතුරුපැදි 0...
ඊයේ (28) රාත්‍රියේ මතුගම - වැලිපැන්න හතේ කණුව ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් මියගොස් තවත් 03දෙනෙකු තුවාල ලබා තිබේ.
යතුරුපැදි 02කින් පැමිණි පුද්ගලයින් 04දෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව වැලිපැන්න පොලීසිය සඳහන් කරයි.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 37ක් වන කාන්තාවකි.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පිරිමි පුද්ගලයෙකු සහ තවත් කුඩා ළමුන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට අැතුළත් කර තිබේ.
මොවුන් ඥාතීන් වන බවටත් මෙම වෙඩි තැබීම පාතාල සාමාජිකයින් අතර ඇතිවූ ආරවුලක ප්‍රතිඵලයක් බවටත් පොලීසිය සැකපළ කරයි.
COMMENTS